හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහි 69 වැනි සංවත්සරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වැනි සංවත්සරය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වැනි සංවත්සරය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව එහි සභාපතිවරයා වශයෙන් මම වඩාත් සතුටු වෙමි. 1951 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙවී ගිය දශක කිහිපයේදී වරින්වර ආණ්ඩු ගණනාවක් පිහිටුවීමට සමත්විය. එම යුගයන්වල නායකත්වය දුන් විශේෂයෙන්ම පක්ෂ නායකයන් වන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද මෙහිදී විශේෂයෙන් සිහිපත් කරමි. පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරවලදී විවිධ කටයුතුවලට සම්බන්ධවී ජීවිත පරිත්‍යාග කළ මියගිය සියලු නායකයන් ගෞරවයෙන් සිහිපත් කරමි. මේ රටේ වාම හා ප්රගතිශීලී දේශපාලන කඳවුර 1950 දශකයේ සිට නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ සංවර්ධනය සඳහාත් ජාතියේ අනාගතය සඳහාත් අතිමහත් දැවැන්ත කාර්යයන් රැසක් එක් එක් යුග තුළ ඉටු කරනු ලැබීය.
එමෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන්ම බණ්ඩාරනායක ආණ්ඩු ඉතිහාසයේ කටයුතු කර ඇති ආකාරය අති ප්‍රශංසනීය වේ. සැම විටම දේශීයත්වය, ජාතිකත්වය, දේශජධ බව පෝෂණය කිරිමේ විශිෂ්ට වූ ජාතික මෙහෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු විසින් කරන ලදී. එමෙන්ම රටේ ස්වාධිනත්වය හා ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැම විටම පෙනී සිටියේය. මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයට නායකත්වය දුන් යුගයේ මිලේච්ඡ එල්ලීටීරි ත්‍රස්තවාදය පරාජය කරමින් රටට සාමය ගෙනදීමට කටයුතු කිරිම මෙහිදී සිහිපත් කළ යුතුය.
එමෙන්ම 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උතුරේ යාපනය දිස්ත්‍රික්කයෙන් අත ලකුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම අප පක්ෂය ඉතිහාසයේ ඓතිහාසික ජයග්‍රහණයක් මෙන්ම මෙරට ජාතික දේශපාලනයේ ද වැදගත් කරුණක් ලෙස සටහන් විය යුතුයි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් 14 දෙනකු පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කළ ලක්වැසි ජනතාවට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරන අතර ජාතියේ අනාගතය වෙනුවෙන්ද හෙට උපදින දරුවන් වෙනුවෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමවිටම පෙනී සිටින බව මෙහිලා සඳහන් කරමි.