සූර්යබල විදුලි ක්ෂේත්‍රයට නව නැම්මක් එක්කරමින්, සූර්ය කෝෂ සදහා බැටරි නිපදවීම දේශීය වශයෙන් සිදුකිරිමට සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ.
මේ වනවිට එක්සත් රාජධානියේ ස්ථාපිත කොට ඇති ස්ටොටෙරා (Stortera) ආයතනය මගින් මේ වනවිට මෙම බැටරි නිෂ්පාදනය සිදුකර අනෙකුත් රටවල් සඳහාද බෙදාහරිනු ලබයි. මෙම බැටරි නිපදවීමේ නිල හිමිකාරීත්වය ශ්‍රී ලාංකිකයෙකු සතුවීම මෙයට හේතුවී ඇත.
මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවී ඇති බැවින්, ඒ සදහා අත්‍යාවශ්‍ය අංගයක් වන බැටරි නිෂ්පාදනය දේශීය වශයෙන් සිදුකිරිම රටේ ආර්ථිකයට වඩාත් ලාභදායි වනබවත්, එමෙන්ම මෙම ව්‍යෘපෘතිය රට තුළ ස්ථාපිත කිරීමෙන් දේශීය වශයෙන් රටේ රැකියා ව්යුක්තියටද කදිම විසදුමක් වන බව බවත් පැවසූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකික තාක්ෂණික ඥාණය, මෙසේ සිය මව් රටට දායාද කිරීමට යොමුවිම සුවිශේෂී වන බව පැවසීය.
මෙම බැටරි නිෂ්පාදනාගාරය ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරිමට ඇති ඉඩ ප්‍රස්ථා පිළිබදව වැඩිදුරටත් කරුණු විමසූ සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමත්‍යවරයා, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා පවත්වා, මෙම බැටරි නිෂ්පාදනාගාරය රට තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය ඉදිරි පියවර කඩිනමින් ගතයුතු බව පැවසිය.
සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (14) පෙරවරුවේ එක්සත් රාජධානියේ ස්ටොටෙරා (Stortera) ආයතනය සමග zoom තාක්ෂණය ඔස්සේ මේ සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අවධාරණය කරන ලදී.