ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා තමා අලංකාරවත් වේශ නිරූපණයකින් සැරසී සිටින අයුරු දැක්වෙන නව ඡායාරූපයක් බෙදාහදාගෙන තිබේ. ඇය බොහෝ විට නිවසේ සිටම ඡායාරූප ලබා ගන්නා අතර ඒවා සඳහා
ඇයගේ රසිකයන්ගෙන් විශාල වශයෙන් ඇයට සුබ පැතුම් ලැබේ. බදාදා රාත්‍රියේ සුහානා විසින් මෙම නව ඡායාරූපය බෙදාහදාගෙන තිබුණේ ඇගේ නවතම අත්හදා බැලීම පිළිබඳව ප්‍රේක්ෂකයින් දැනුවත් කරමිනි.

ඇය මෙහි තොල් සඳහා ලිප්ග්ලොස් එකක්ද සහ දෑස් සඳහා දීප්තිමත් රෝස පැහැති අයි ෂැඩෝවක්ද භාවිත කර තිබුණි. මේ වන විට සුහානා සිය දෙමාපියන් සමඟ ඔවුන්ගේ මුම්බායි නිවසේ සිටින අතර රට අගුලු දැමීමට පෙර ඇය නිව්යෝක් සිට මෙසේ මුම්බායි වෙත පැමිණ ඇත. ඇය නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ චිත්‍රපට අධ්‍යයන පාඨමාලාවක් සඳහා ඇතුළත් වී ඇති අතර එහි අධ්‍යන කටයුතු වෙනුවෙන් නිව්යෝර්ක් වෙත ගොස් සිට ඇත.

කෙසේවෙතත් අගුළු දැමීමේ කාලය තුළ ඇය ගෘහස්ථ ඡායාරූප රූගත කිරීම් පවත්වා එම ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීමට දැඩි උනන්දුවක් දක්වන බව පෙනේ.

ෂාරුක්ගේ වැඩිමහල් පුත් ආර්යන් ද දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ චිත්‍රපට නිර්මාණය හදාරමින් සිටී. කෙසේවෙතත්,  තම දරුවන්ට චිත්‍රපට වෘත්තියක් කරගෙන යාමට පෙර සිය අධ්‍යයන කටයුතු අවසන් කළ යුතු බව ෂාරුක් විසින් නියම කර තිබේ.
Rishmi Ishara