බොනී කපූර් සිය දියණියන් වන අන්ෂුලා කපූර්, ජාන්වී කපූර් සහ කුෂි කපූර්ව ට්විටර් මාධ්‍ය ඔස්සේ ඉතා ආඩම්බරයෙන් වර්ණනා කර තිබේ. ජාන්වී සහ කුෂි චිත්‍ර ඇඳීමට උනන්දුවක් දැක්වූ ආකාරයද ඔහු එහිදී හෙළි කර තිබේ.
කලාකරුවකුගේ පරිකල්පනය සුන්දර ප්‍රකාශන ස්වරූපයක් ගන්නා බැවින් ඊට සීමාවන් නොමැති බවත් පින්තූරයකට වචන දහසක් කථා කිරීමට හැකි බවත් පැවසුවද කලාවේ අර්ථය නිරූපණය කිරීමට සෑම කෙනෙකුටම පහසු නැත. අගුලු දැමීමේ කාල සීමාව තුළ ආරක්ෂිතභාවය තහවුරු කරගැනීමට අවශ්‍ය වූ නිසාවෙන් බොහෝ දෙනෙක්ගේ ජීවන රටාව නිවෙස්වලට පමණක් සීමා විය. එබැවින් අපගේ විනෝදාංශ ගවේෂණය කිරීමට සහ අපගේ කුසලතා වර්ධනය කර ගැනීමට අපට ඉන් අවස්ථාව ලැබුණි.
දරුවන් හතර දෙනෙකුගේ පියෙකු වන බොනී කපූර් 2020 සැප්තැම්බර් 15 වන දින සිය දියණියන් වන අන්ෂුලා කපූර්, ජාන්වී කපූර් සහ කුෂි කපූර් සම්බන්ධයෙන් වර්ණනා කරන අතරතුර ඔහුගේ වැඩිමහල් දරුවා වන අන්ෂුලා ගෙදර දොරේ වැඩ කටයුතු සහ වෘත්තීය කටයුතුද මැනවින් මෙහෙය වූ බවත්, ජාන්වී කපූර් සහ කුෂි කපූර්ද අපූරු සිතුවම් ඇඳීමෙහි මනා දක්ෂතා පිළිඹිබු කළ බවත් පවසා තිබුණි. සැබවින්ම ජාන්වී සහ කුෂිගේ නිර්මාණ ප්‍රශංසනීය බව පවසන බොනී කපූර් තම දියණියන්ගේ මෙම කලා නිර්මාණයන් දැකීමෙන් තමා දැඩි සතුටට පත්වූ බවද පවසා ඇත. එමෙන්ම ජාන්වී සහ කුෂිගේ පින්තාරු කිරීමේ විනෝදාංශය ගැන ද අදහස් දක්වා ඇති බොනී කපූර් එහිදී පවසා ඇත්තේ ඔවුන් දෙදෙනාම ශ්‍රීදේවි ඇගේ සිතුවම් අඳින විට ඇය සමඟ එක්වීමට පුරුදුව සිටි බවත් ඔවුන් මෙම කලාව මුලින්ම ඇය දෙස බලා ඉගෙන ගෙන දියුණු කරගන්නට ඇති බවත් තමන් විශ්වාස කරන බවයි.
කෙසේවෙතත් අගුලු දැමීමේ කාල සීමාව තුළ , ජාන්වි කපූර් ස්වයං-හුදකලාව තුළ ඇය ඉගෙන ගත් දේවල් ලැයිස්තුගත කර ඇති අතර ඇගේ පියා වන බොනී කපූර්ට ඇයව මඟ හැරුණු ආකාරය පිළිබඳවද අදහස් දක්වා තිබුණි. එමෙන්ම ඇගේ අභාවප්‍රාප්ත මව වන ශ්‍රීදේවි කපූර්ගේ මතකයන්ද අවධි කර ඇති ජාන්වී ඇයට සහ සහෝදරියට මෙම චිත්‍ර කලාවට තම මවගෙන් ලැබුණු ශක්තිය පිළිබඳව වර්ණනාවක්ද සිදුකර තිබේ.
Rishmi Ishara