මියගිය ප්‍රේමකීර්ති ද අල්විස් වන තම පියා රචනා කළ ගීත පදමාලා හා පොත්පත්වල සම්පූර්ණ
ප්‍රකාශන අයිතියෙන් හතරෙන් එකක සම අයිතිකරුවා තමා බවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ප්‍රවීණ ගීත රචක හා නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ දියණිය වන ගුවන් විදුලි නිවේදිකාවක ලෙස කාලයක් කටයුතු කළ සුරංගි ද අල්විස් මහත්මිය බස්නාහිර පළාත්බද මහාධිකරණය හමුවේ නඩුවක්
පවරා තිබේ.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ දෙවැනි විවාහයේ බිරිය වන නිර්මලා ද අල්විස් හා එම විවාහයේ දරුවකු වන පූර්ණ සම්පත් අල්විස් යන මව හා පුතා විත්තිකරුවන් කරමින් ඇය මෙම නඩුව පවරා තිබේ.
පැමිණිලිකාර සුරංගි ද අල්විස් මහත්මිය සිය නීතිඥවරුන් වන ජනාධිපති නීතිඥ හර්ෂ කබ්රාල් හා මහේල ලියනගේ, චමක අඹගහවිට යන මහත්වරුන් මඟින් පෙනී සිටිමින් අධිකරණය හමුවේ පවසා ඇත්තේ මියගිය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා හා දයාද අල්විස් මහත්මිය තම මව හා පියා බවත් එම විවාහය තම
පියාගේ පළමු විවාහය බවත්ය.
පියා තම මවගෙන් දික්කසාද වන විට තමා එම විවාහයේ එකම දියණියව සිටි බවද ඇය පවසා ඇත.
පසුව තම පියා තම මවගෙන් දික්කසාද වී මෙම සිද්ධියේ පළමු වැනි විත්තිකාරිය වන නිර්මලා ද අල්විස් හා විවාහ වූ බවත් එම විවාහයේදී තම පියාට පූර්ණ සම්පත් ද අල්විස් නමැති පුතකුද සිටින බවත් ඔහු මෙම සිද්ධියේ දෙවැනි විත්තිකරු වන බවද ඇය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
තම පියා ප්‍රකට ගීත රචකයකු මෙන්ම ගුවන්විදුලි හා රූපවාහිනි නිවේදකයකු බවද “අන්තිමයා” හා “නොසැලෙන ඉන්ද්රකීලය” ඇතුළු පොත් කිහිපයක් ලියා ඇති ඔහු ජනප්‍රිය ගීත 700කට වැඩි සංඛ්‍යාවක් රචනා කර තිබෙන බවද පැමිණිලිකාර සුරංගි මහත්මිය සිය පැමිණිල්ල මඟින් පෙන්වා දී තිබේ.
තම පියාට අයිති ඉහත කී සම්පූර්ණ ප්‍රකාශන අයිතියෙන් භාගයක් පියාගේ දෙවැනි විවාහයේ බිරිය මත මෙම සිද්ධියේ පළමුවැනි විත්තිකාරිය වන නිර්මලා ද අල්විස් නමැති අයට හිමිවන බවත් ඉතිරි කොටසෙන් හතරෙන් එකක් පළමු විවාහයේ දියණිය වන තමන්ට හා තම පියාගේ දෙවැනි විවාහයේ දරුවකු වන මෙම සිද්ධියේ දෙවැනි විත්තිකාර පූර්ණ සම්පත් ද අල්විස් යන අයට සම සමව ලැබිය යුතු බවද ඇය පෙන්වා දී තිබේ.
තම පියාට අයත් සම්පූර්ණ ප්‍රකාශන සම්බන්ධයෙන්පි යා මිය යෑමට පෙර අවසන් කැමැති පත්‍රයක්ද ලියා නොමැති බවත් එකී ප්රකාශනයක් සම්බන්ධයෙන් හිමිකම් කීමට තමාටද අයිතියක් තිබෙද්දී ඉහත කී පළමු හා දෙවැනි විත්තිකරුවන් වන මව හා පුතා තම පියාට අයත් ප්‍රකාශන තමන්ගේ කිසිදු අනුදැනුමක්
නොමැතිව ඔවුන් භාවිත කිරීම හේතුවෙන් තමාට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවද පෙන්වා දී තිබේ.
පැමිණිලිකාර සුරංගි මහත්මිය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඉහත කී නීතිඥවරුන් මඟින් අධිකරණය හමුවේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මියගිය තම පියා විසින් රචිත ගීතවල පදමාලා ප්‍රකාශන අයිතිය හා ඔහු
විසින් ලියා තිබූ පොත්වල ප්‍රකාශන අයිතිය තමාගේ කැමැත්තක් නොමැතිව භාවිත කිරීමට හෝ මහජනතාවට සන්නිවේදනය කිරීමට ඍජුවම හෝ අන්‍යාකාරයකින් කැමැත්ත ලබාදීමෙන් හෝ බලය පැවැරීමෙන් 1 හා 02
වැනි විත්තිකරුවන් වළකාලන ස්ථිර ඉන්ජන්ක්ෂන් තහනමක් ලබාදෙන ලෙසයි.
කුමුදු උපුල් ශාන්ත