කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව එම අවස්ථාව තවත් ඇමෙරිකානු පරිගණක මෘදුකාංග සමාගමක් වන ඔරකල් වෙත හිමිව තිබේ.
කෙසේ වෙතත් මෙම ගනුදෙනුව සඳහා බයිට්ඩාන්ස් සමාගම වෙත එක්සත් ජනපද රජයෙන් මෙන්ම චීන රජයෙන්ද අනුමැතිය හිමිවිය යුතුව තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ද ඔරකල් සමාගම මගින් ටිටෝක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිය කැමැත්ත පළ කර ඇති අතර, එම සමාගම ඉතා හොඳ සමාගමක් බවටත් පවසා තිබේ. එසේම ටික්ටොක් ඇමෙරිකාව තුළ හැසිරවීමට ඔරකල් වෙත හැකියාව ඇතැයිද ඔහු සඳහන් කර තිබේ. මෙම ඇප් වැඩසටහන හරහා ඇමෙරිකානුවන්ගේ පෞද්ගලික තොරතුරු චීනය මඟින් රහසේ ලබාගන්නා බවට ට්‍රම්ප් චෝදනා කරයි.