ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු නීතිඥ මයිකල් කොහෙන් ජාතිවාදයේ සිදුවීම් පිළිබඳව නව පොතක් එළි දක්වා තිබේ. මෙහි දකුණු අප්‍රිකාව පිළිබඳව ට්‍රම්ප්ගේ අදහස් සහ හිටපු ජනාධිපති වන නෙල්සන් මැන්ඩෙලා පිළිබඳවද සඳහන් වී ඇත.



එමෙන්ම
වොෂිංටන් පෝස්ට් පුවත්පතේ වාර්තා වූ පරිදි කොහෙන්ගේ බොහෝ සටහන්, ට්‍රම්ප් විසින් බැරැක් ඔබාමාට එරෙහිව කළ ජාතිවාදී ප්‍රකාශ ගණනාවක් හා බැඳී පවතී.

කොහෙන්ට අනුව, ට්‍රම්ප්ට ඔබාමා කෙරෙහි වෛරයෙන් පසුවේ. එමෙන්ම ඔහුට අවමන් කිරීමටද ට්‍රම්ප් කටයුතු කර ඇති බව එහි සඳහන් කර ඇත. ට්‍රම්ප් සියලු කළු ජාතිකයන්ව පහත් සේ සැලකීම සම්බන්ධයෙන්ද කොහෙන් චෝදනා කරයි.

මෙම ලිපියට අනුව එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් විසින් ඔබාමා පිළිබඳව පවසා ඇත්තේ “කළු ජාතිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන එක් රටක් මට කියන්න. ඒවා සියල්ලම සම්පූර්ණ වැසිකිළි ය”යනුවෙනි.

එමෙන්ම 2013 දී හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අභාවයෙන් පසුද ට්‍රම්ප් පවසා ඇත්තේ මැන්ඩෙලා සැබෑ නායකයෙක් මිස ඔහු ගරු කළ යුතු ආකාරයේ පුද්ගලයෙකු නොවන බවයි.

මේ ආකාරයෙන් විටින් විට කරන ලද අවඥාසහගත ක්‍රියාවන් සම්බන්ධයෙන් මෙම කෘතියේ තොරතුරු සඳහන් කර තිබීම විශේෂත්වයකි.
රිෂ්මි ඉෂාරා