ස්ථානයේ ළමා සහ කාන්තා කාර්යාංශය එම ළමුන් දෙදෙනාගේ මවුවරුන් සමඟ ළමුන් දෙදෙනාව පොලීසියට කැඳවා තිබේ.
සැකකාර ළමුන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී දැරියට නොතේරෙන අයුරින් ඉතා සූක්ෂම ලෙස එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයෙන් ලබා ගත් බවට පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.
මෙම සැකකාර ළමුන් දෙදෙනා දැනට පාසල් නොයන බවත්, දෙමාපියන් එම ළමුන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකරන බැවින් නොයෙක් විෂමාචාර ක්‍රියා සඳහා ඔවුන් පෙලඹී ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
මෙම පිරිමි ළමුන් දෙදෙනා පරිවාස නිලධාරි මාර්ගයෙන් සුදුසු භාරකාරත්වයකට පත්කිරීම සඳහා ඔවුන් දෙදෙනාව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.ඒ.ඩී. රොහාන් මහේෂ් මහතාගේ උපදෙස් මත ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.පී. සේනාන්ති මහත්මිය ඇතුළු නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.
- ටෝනි කරුණානායක -