විසින් ගත් අලුත්ම ක්‍රියාමාර්ගය ලෙසින්ද මෙය සැලකෙයි. බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඊයේ (23දා) රූපවාහිනිය හරහා ජනතාව අමතමින් මෙම නව ලොක්ඩවුන් සීමා පිළිබඳව අනාවරණය කර ඇත. එහිදී මෙම නීති කඩන්නන් අල්ලා ගැනීම සඳහා වැඩි සෙබළුන් පිරිසක් යොදවන බවත්, දැනට අගමැති කාර්යාලය, පාර්ලිමේන්තුව සහ න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාවට යොදවා ඇති සෙබළුන් ඊට අනුයුක්ත කරන බවත් අගමැති පවසා තිබේ.
බ්‍රිතාන්‍ය මාධ්‍යවලට අනුව මෙම ලොක්ඩවුන් සීමා ආරක්ෂා කිරීම වෙනුවෙන් එරට ත්‍රිවිධ හමුදාවට අයත් සෙබළුන් 5,000ක පිරිසක් අනුයුක්ත කිරීම සැලසුම වී ඇත. මෙම මෙහෙයුම 'ඔපරේෂන් ටෙම්පර්' ලෙස හැඳින්වෙයි. එහිදී හමුදාව හුදෙක් පොලීසියට උදවු සපයන බවත්, දඩ පැමිණවීම හෝ ව්‍යාපාර වසා දැමීම හෝ සිදු කිරීමට හමුදාවට බලයක් නොමැති බවත් සඳහන් වී තිබේ.
මේ අතර බ්‍රිතාන්‍ය තුළ දෙවැනි කොරෝනා රැල්ලක බික් හටගැනීමත් සමඟ එරට ජනතාව අතර උද්ගතව ඇති හදිසි මිලදී ගැනීමේ (පැනික් බයිං) තත්ත්වයන් තවදුරටත් එලෙසින්ම වන බව විද්දෙස් මාධ්‍ය පවසයි. එහිදී ජනතාව පෙර අවස්ථාවේදී මෙන් ටොයිලට් පේපර්ස් සහ ටින් කළ කෑම වර්ග ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොග පිටින් රැස් කිරීමට පටන් ගෙන ඇති බවත්, ඒ හේතුවෙන් සාප්පු තුළ ඒවා හිඟයක් මතුව ඇති බවත් පැවසෙයි. වාර්තාවලට අනුව මේ වනවිට බ්‍රිතාන්‍යයේ සියලුම සුපිරි වෙළෙඳ සැලකම පාහේ පැස්ටා, සහල් සහ පිටි අවසන්ව ගොස් තිබේ.