බොලිවුඩ් නිළි උර්මිලා මතොන්ඩ්කර් මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී තවත් නිළියක වන කන්ගනාට  ‘රුදාලි’යන නාමය පවසා විවේචනයක් සිදු කර තිබීම ඉන්දීය මාධය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ. රුදාලි යන මරාති බසෙහි යෙදුම වැස්ස හෝ කරදරකාරි යන්නයි ’ගණිකාව් යන අර්ථයෙන්ද එය යෙදේ.

ආන්දෝලනයෙන් පසුව මාධ්‍ය ඒ ගැන විමසීමේදී කන්ගනා රනාත් සඳහා ‘රුදාලි’ යන වචනය භාවිතා කිරීම ගැන තමන් කනගාටු නොවන නමුත් තමාගේ එම අදහස්   දැක්වීමෙන්  හානියක් සිදුවුවණානම් ඇයගෙන් සමාව අයැදීමට කැමති බව
 උර්මිලා පවසා ඇත.
එමෙන්ම මෙසේ සමාව ඉල්ලීම තුළින් ඇයව කිසිසේත් පහත් තත්ත්වයකට නොවැටෙන බවද  උර්මිලා පවසා ඇත.
චිත්‍රපට ක්ෂේත්‍රයේදී තමන්ට අත්විඳීමට සිදුවුනු හිරිහැර හේතුවෙන් එම වචන පාවිච්චි කිරීමට සිදු වූ බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි. මෙසේ පැමිණිලි කිරීම් සමඟින් තමන් කළ ප්‍රකාශය මඟින් කන්ගනාට හෝ ඇගේ රසිකයින්ට යම් සිත් තැවුලක් ඇතිවුණිනම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට තමන්ට කිසිඳු චකිතයක් නැති බවද ඇය පවසයි.

කන්ගනා මෑතකදී සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවකදී උර්මිලා මෘදු නිරුවත් රංගන ශිල්පිණියක ලෙසද නම් කර තිබුණි. ඇගේ මෙම විවේචනය සම්බන්ධයෙන් ට්ටිටර් පණිවිඩයක් බෙදාගත් කන්ගනා,  “සනී ලියොන්"  වැනි අය අපගේ ආදර්ශවත් චරිත නොවිය යුතු යැයි  සඳහන් කර ඇත. එමෙන්ම ඇතැම් ව්‍යාජ ස්ත්‍රීවාදීන් මෙය නින්දා සහගත දෙයක් ලෙස හඳුන්වන බවද ඇය පවසා තිබුණි. ඇයගේ මෙම ප්‍රකාශන්ට විරුද්ධ අදහසක් ප්‍රකාශ කළ අයෙකුට ඇය පිළිතුරු දී ඇත්තේ උර්මිලා ඇයව ‘රුදාලි’ගණිකාවක් ලෙස හැඳින් වූ විට ඔබේ ස්ත්‍රීවාදය ගොළු වූයේ ද ? යන්න ප්‍රශ්න කරමිනි.

රිෂ්මි ඉෂාරා