පම්පමඩුව නිරෝධායන කඳවුරෙන් ඊයේ දින උදෑසන පැන ගොස් සිටි අතර එම පුද්ගලයා මන්නාරම දුම්රිය ස්ථානය අසලදී ඊයේ සවස වන විටදී සොයාගැනීම හේතුවෙන් කොරෝනා අවධානම නිසා සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් වශයෙන් මන්නාරම් දුම්රිය ස්ථානය හා එහි කාර්ය මණ්ඩලයේ සියල්ලක්ම විෂබීජහරණය කිරීමට පියවර ගත් බවටද මන්නාරම් පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් පවසා සිටියහ.
වව්නියාව පම්පමඩුව නිරෝධායන කඳවුරෙන් මෙසේ පැන ගොස් තිබුනේ කටාර් සිට පැමිණි හලාවත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර එම පුද්ගලයා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කොළඹට රැගෙන ගිය බවටද වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වැඩිදුරටත් පවසා සිටියේය.