දෛවය ඔබව ලෝකයේ කොතනින් නතර කරාවිදැයි මේ මොහොතේදී කිව නොහැක. නමුත් තමන්ට ලැබෙන අවස්ථාවන් ජයග්රහණයන් බවට පෙරළාගත හැකි නම් ඕනෑම අයෙකුට ඉහළට යාම සිහිනයක් නොවනු ඇත.
ලොව වඩාත්ම ජනප්‍රියත්වයට පත් ක්‍රිකට් තරඟාවලියක් වන අයි.පී.එල් ක්‍රිකට් තරඟාවලියේ
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට මෙවර එකතු වූ නවක තරුවක් වන යෂාස්වි ජායිස්වාල්ද තරඟාවලියට එක්වන්නේ දෛවයේ අවස්ථාවන් නිවැරදිව හඳුනාගත් තරුවක් ලෙසිනි.
වීථි වෙළෙන්දෙකු ලෙසින් සිය ජීවිතය ආරම්භ කළ ජායිස්වාල්ගේ කතාව වඩාත් රසවත් වන්නේ ඔහු මෙවර රාජස්ථාන් රෝයල්ස් " කණ්ඩායමට ඩොලර් 327,000ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 06ක දැවැන්ත මුදලකට මිලදී ගැනීමත් සමගිනි. තවමත් 18 හැවිරිදි වියේ පසුවන යෂස්වි මේ සමගින් රාජස්ථාන් කණ්ඩායමේ නව බලාපොරොත්තුවක්ද වී ඇත.
යෂස්වි ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබා ඇත්තේ වයස අවුරුදු 03ක් තරම් කුඩා කාලයේදීය. හිටපු ආධුනික ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඔහුගේ පියා (බුපේන්ද්‍ර ජායිස්වාල්) ඒ සඳහා ඔහුට සහාය වී ඇත. වයසින් වැඩෙද්දී සචින් තෙන්ඩුල්කාර්ගේ දැඩි ප්‍රේක්ෂකයෙකු වූ යෂස්වි මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මෙන්ම සිය මව් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ දැඩි ආශාවකින් පෙළිණි.
නමුත් මුම්බායිවලින් පිටත් වීමත් සමගින් යෂස්වි පවුලට ජීවත්වීමට ස්ථිර නිවාසයක් නොතිබූ අතර, ඥාතියෙකුගේ නිවසක ඔවුහු රැදී සිටියහ. කුඩා තීන්ත බඩු සාප්පුවකින් දිවි රැකගත් බුපේන්ද්රට, සිය පුතුගේ ක්‍රිකට් සිහිනය වෙනුවෙන් ලබාදීම සඳහා මුදල් තිබුණේ නැත. ඒ නිසාම කුඩා යෂස්විට ක්‍රිකට්වලට අමතරව සිය වියදම් සොයා ගැනීමේ අභියෝගයද පැන නැගිණි.
මේ අනුව යෂස්වි සිය මාමාගේ නිවසින් බැහැරව කිරි කඩයක සේවයට යමින් දකුණු මුම්බායිහි ප්‍රසිද්ධ භූමියක සිය ක්‍රිකට් පුහුණුවීම් කළේය. නමුත් එතැනින්ද ඔහුට ඉවත් වීමට සිදු විය. යාමට නිසි මඟක් නොතිබූ යෂස්විගේ වාසනාවට ඔහුගේ එකල පුහුණුකරු ඔහුට නැවතීමට තැනක් ලබාදුන් අතර, ක්‍රීඩා පිටියක අටවා තිබූ කුඩා කුඩාරමක් යෂස්විට යම්තම් සෙවණ සපයා දුන්නේය. නමුත් යෂස්වි ලැබුණු අවස්ථාවෙන් බෙහෙවින් සතුටු විය. ඒ ක්‍රීඩා පිටියක් ආසන්නයේ වීම නිසාවෙනි.
සිය දුෂ්කරතා පවුලේ සාමාජිකයන්ට නොපැවසුවත් යෂස්වි නැවතත් ගමට පැමිණියේ පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම මතයි. නමුත් ඔහුගේ ජීවිතය තව තවත් එහිදී අසීරු වූයේ බොහෝ දිනවල බඩගින්නේ නිදාගැනීමට සිදුවීමෙනි.
"මට හිමිහිට තේරුම් ගියා පවුලේ අයත් එක්ක ජීවත් වෙන එක ගොඩක් අමාරු වෙනවා කියලා.” යනුවෙන් යෂස්වි පවසා සිටියේය.
ඒ හේතුවෙන් යෂස්වි විථියේ ආහාර විකුණන්නෙකු බවට පත්වූ අතර, ඔහුගේ ඉරණම වෙනස් කරන තුරු පුරා වසර 03ක්ම ඔහුගේ රැකියාව වූයේ විථියේ ආහාර විකිණීමයි. 2013 වර්ෂයේදී එවකට 12වැනි වියේ පසුවූ යෂස්වි පුහුණුවීම් කටයුතු සිදුකරන අයුරු ඔහුගේ පුහුණුකරු වූ ජ්වාලා සිං නරඹමින් සිටි අතර, යෂස්වි සතු වූ අසාමාන්‍ය හැකියාව ඔහු හඳුනාගත්තේ එහිදීය.
පසුව යෂස්වි සිය ඇකඩමියට බඳවා ගත් ජ්වාලා සිං ඔහුව සිය නිවසේ නතර කර ගැනීමට තරම් කාරුණික විය. සිංගේ ගුරුහරුකම් යටතේ තවදුරටත් දක්ෂතා ඔප මට්ටම් කරගත් යෂස්වි 2015 වර්ෂයේදී මුම්බායිහි පැවැති අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියකදී විශිෂ්ට තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් විය. එහිදී ත්‍රිත්ව ශතකයක්ද සමඟින් යෂස්වි කඩුලු 13ක් දවා ගැනීමට සමත් විය. අනතුරුව ජ්වාලා සිං ඔහුව ඉන්දියානු හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ වසීම් ජෆාර්ට හඳුන්වාදීමට ක්‍රියා කළේය. එය යෂස්වි ඉන්දියානු 19න් පහළ කණ්ඩායම දක්වාම තේරී පත්වීමට උපකාරී විය.
පසුගිය 2019 වර්ෂයේදී සිය මංගල පන්දුවාර 50 තරඟාවලියට ක්‍රීඩා කිරීමට යෂස්විට අවස්ථාවක් ලැබුණේ මුම්බායිහි පැවැති අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියක් වෙනුවෙනි. එවකට 17 හැවිරිදි වියේ පසුවූ යෂස්වී එහිදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 154කදී ලකුණු 203ක් රැස් කළේ පළමු පෙළ එක්දින තරඟයකදී ද්විත්ව ශතකයක් රැස්කළ ළාබාලම ඉන්දීය පිතිකරුවා බවට පත්වෙමිනි. එය මෙවර අයි.පී.එල්. තරඟාවලියේදී යෂස්වි පිළිබඳ අවධානය තවදුරටත් වැඩි කිරීමට හේතුව විය. කෙසේ වෙතත් රාජස්ථාන් බලධාරීන් යෂස්වි පිළිබඳ ඇස ගසාගෙන සිටියේ වසර තුනක පමණ කාලයක සිටය.
- ඕෂිත වරකපිටිය -