පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳ සංකීරණයේදී නව කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 40 දෙනකුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් එම වෙළෙඳ සංකීර්ණයේ පුද්ගලයින් 863 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඊයේ (22) සඳහන් කළේය. ඒ අනුව මෙම පුද්ගලයින් යුද හමුදා සහ ගුවන් හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 06ක නිරෝධායනය සඳහා ඊයේ (22) දිනයේදී යොමු කළ බව
දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 180දෙනකුදු, කුණ්ඩසාලේ 150දෙනකුද, මුලතිව් මූලස්ථාන කඳවුර් 146 දෙනකුද, මඩකළපුව කැම්පස් 192දෙනකුද, යාපනය 85දෙනකුද සහ පෙරියකාඩු 110දෙනකුද වශයෙන් එම පුද්ගලයන් දින 14ක නිරෝධායන කාලයක් සඳහා යොමුකර ඇතැයි ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳ සංකීරණයේ ව්‍යාපාරිකයින් ඇතුළු පුද්ගලයන් 49 දෙනෙකුට නව කොරෝනා වයිරසය ආසාදනය වූ බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙෙර්දා (21) පැවසූ අතර එම ආසාදිතයගේ ආශ්‍රිතයන් 863 දෙනා මෙලෙස නිරෝධායනය සඳහා යොමුකර ඇත.
-නිමන්ති රණසිංහ-
Comments
Post a Comment
Your comment will be visible after approval