හැටන් කොටගල ඩෙරටෙන් වතුයායේ කොවිඩ් 19 වයිරසය ආසාදනය වී දැනට නිරෝධායනයට යොමු කර ඇති රෝගියකු හැටන් කොටගල නගරයේ මත්පැන් අලෙවිසල් දෙකකට ගොස් මත්පැන්  මීලදීගෙන ඇති බවට ලද බුද්ධි තොරතුරක් මත එම මත්පැන් අලෙවිසල් දෙක කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෝබ්‍ය පරික්වෂකවරුන් විසින් ඊයේ (28) දින වසා දමනු ලැබීය. එහි සේවකයින් අටදෙනකු ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.  ආසාදනය වූ එම රෝගියා හැටන් කොටගල නගරයේ සංචරණය කළ ස්ථාන විෂබීජහරණයට ලක්කිරිමට ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරු (28) දින
කටයුතු කළහ.

එම ආසාදිතයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවය කළ අයකු බවත්, එම සේවකයාගේ ආශ්‍රිතයන්  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.හැටන් නගරයේ හමු වූ කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ රෝගීන් 11 දෙනාගේ ආශ්‍රිතයන් 435 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර, ඉන් 40 දෙනකු පී.සී.ආර්. පරික්ෂණයට යොමු කර ඇති අතර එහි වාර්තාව ලැබීමට නියමිතය.

හැටන් නගරයේ පොදු ස්ථාන සහ මහජනතාව ගමන් කරන පදික වේදිකාව විෂබීජහරණයට ලක්කිරිම ඊයේ (28) හැටන් දික්යඔ නගර සභාව විසින් සිදු කරනු ලැබිය. මේ අතර බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ කොවිඩ් 19 වයිරසය ආසාදනය වී දැනට පොළොන්නරුව මානම්පිටිය ගල්ලෑල්ල යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කර ඇති රෝගියකුගේ පවුලේ කාන්තාවන් දෙදෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත්, එම කාන්තාවන් දෙදෙනා ද නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරීමට පියවර ගන්නා බවත් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පැවැසූහ.