ඉන්දීය යකඩ නිෂ්පාදන සමාගමක ගණකාධිකාරිනියට හා එම සමාගමේ ඉන්දීය ජාතිකයන්ට මරණ තර්ජන කළ බව කියන සංවිධානාත්මක කල්ලියක සිවු දෙනකු ඉකුත් 13 වැනිදා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. අත්අඩංගුවට ගත් එම පිරිස අතර යකඩ අලෙවි කිරීමේ ව්‍යපාරිකයකු, ත්‍රිරෝද රථ රියැදුරකු හා හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහි වූවකු සිටින බව පොලිසිය පවසයි. පන්නල මාකඳුර ආයෝජන කලාපයේ පිහිටි යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරිනියට ඉකුත් අගෝස්තු මස 20 වැනිදා නාඳුනන පුද්ගලයකු දුරකතන ඇමතුමක් දී වහාම එම සමාගමෙන් ඉවත්ව යන ලෙසත් එම කාර්යාලයේ හා පතල සමාගමේ සිටින සෙසු ඉන්දීය ජාතිකයන්ට මෙරටින් පිටවී යන ලෙසත් පවසා මරණ තර්ජන කළ බවට එම ගණකාධිකාරිනිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ඒ සම්බන්ධයෙන් ගණකාධිකාරිනිය කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කිරීමෙන් දින කීපයකට පමණ පසුව එම සමාගම්
ඒ අතර තුර දිනක ඇය ගමන් ගත් මෝටර් රථයට මග හරස් කර නතර කර කලින් තර්ජනය කළ වචන කොළ කැබැල්ලක ලියා ඇයට පෙන්වීමට මෙම සැකකරුවන් කටයුතු කර තිබූ බව ද පොලිසිය පවසයි. මරණ තර්ජන කළ බව කියන දුරකතන අංකය ඔස්සේ එහි විශ්ලේෂණ වාර්තවක් ලබාගෙන සිදුකළ දිර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සංවිධානාත්මක කල්ලියේ සිවු දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් මේ ආකාරයට කටයුතු කරනුයේ කාගේ උවමනාවකට ද යන්න පිළිබඳව තවදුරටත් සොයා බලා තරාතිරම නොබලා එම පුද්ගලයන් ද අත්අඩංගුවට ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිස්ස සහ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-
0 Comments