කොරෝනා ආසාදනය වූ බවට අද වාර්තා වූ ගම්පහ  දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව මිනුවන්ගොඩ, යකාදුව ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි

සේවිකාවක බව සෞඛ්‍ය අංශ අනාවරණය කර තිබෙන අතර ඇය ඇඟලුම් ආයතනයේ මැහුම් වැඩ කරමින් සිට ඇත්තේ විශාල ශාලාවකය.
මෙම 39 හැවිරිදි කාන්තාව රැකියාව කරන එම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ පිහිටි වායු සමීකරණය


එම ගොඩනැගිල්ලේ සේවක සේවිකාවන් 400 දෙනෙකුට නිරාවරණයවීම නිසා සේවය කරන විශාල පිරිසකට අවදානම් තත්වයක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ වන විට එලෙස නිරාවරණය වූ පිරිස් කවුරුන්දැයි හඳුනාගෙන ඇති අතර ඔවුන්ව නිවෙස් වෙත ගොස් දැනුවත් කිරිමේ
වැඩකටයුතු ආරම්භ කොට ඇත.
මේ වනවිට ඇය සමග ඇඟලුම් කම්හලට අයත් බස් රථයේ ගමන් කළ 40 දෙනෙකු පමණ නිවෙස් තුළ නිරෝධායනයට යොමු කොට ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත.
කොරෝනා ආසාදිත මෙම කාන්තාවගේ පවුලේ  ස්වාමිපුරුෂයා, දරුවන් සිව්දෙනා සහ ඇයගේ පියා මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇති අතර ඇගේ එක් දරුවෙකු හට සෙම්ප්‍රතිෂ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බැවින් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
මෙම කොරෝනා ආසාදිත කාන්තාව සේවය කළ එම ඇඟළුම් කම්හලේ ගොඩනැගිල්ලද දැනට මුද්‍රා තබා ඇත.