උත්සවයකට සහභාගි වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවයේ නියුතු සේවිකාවන් පස් දෙනෙකු
කෙරෝනා අසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
පෙරේදා සිදු කළ පී.සී.ආර්. පරීක්ෂාවේදී ඉන් පස් දෙනෙකුට කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බව
තහවුරු වීම මත ඔවුන් ප්‍රතිකාර පිණිස මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම තත්ත්වය මත 27 දින පැවති අවමංගල්‍ය උත්සවයට සහභාගි වූවන්ට තම නිවෙස්වලම ස්වයං
නිරෝධානයට ලක් වන ලෙසට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ශබ්ද විකාශන යන්ත්‍ර
යොදා ජනතාව දැනුවත් කිරීමට ඊයේ සවස පියවර ගනු ලැබූ අතර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය
පරික්ෂක සුසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරසිටියේ අවමංගල්‍ය පැවති මැදවත්ත ප්‍රදේශයේ නිවස
හා ඒ අවට නිවාස විෂබීජහරණය කිරීමට පියවර ගන්නා බවය.
ගම්පහ - තිලකරත්න දිසානායක