මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කම්හල ආශ්‍රිතව ඇතිවූ පොකුර හේතුවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 61ක් දෙනෙකු අද (11) දිනයේදී හඳුනා ගත් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියි.
මෙලෙස වෛරසය ආසාදනය වූ පිරිස අතර 39 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 22 දෙනා පළමු ආශ්‍රිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.
මේ වන විට මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවූ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1247ක් දක්වා ඉහළ ගොස් ඇත.
0 Comments