මේ වන විට මධ්‍යම පළාත තුලින් කොරෝනා රෝගින් 90 ක් හමුවි ඇති අතර මෙම ආසාදිතයින් මහනුවර , මාතලෙන් , නුවරඑළියෙන් ප්‍රදේශවලින් හමුවි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.  

මේ අතර කඩුගන්නාව කදන්ගම උතුර එක් රෝගියෙක්ද මාතලෙන් දෙදෙනෙක්ද හමුවි ඇති අතර මින් නුවරඑළිය 14 හා කඩුගන්නාව කදන්ගම උතුර 1 රෝගියා පැලියගොඩ මාඵ වෙළදසැල් ආශ්‍රිතව හදුනාගත් රෝගින් බවද සෞඛ්‍ය අංශ පවසයි.
මෙම කොරෝනා ආසාදිතයින් නිරෝධායනයට ලක් කර ඇති අතර නිවැසියන් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.  

පැලියගොඩින් මාඵ ගෙනා යටිනුවර පොත්තපිටියේ මාළු වෙළදසැල් හිමියාට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා නිරෝධායනය සදහා යොමු කල බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 

 මෙම මාළු වෙළෙන්දා කැම ගත් පොත්තපිටිය ආපනශාල දෙකක් හා ලොතරැයි පත් මිලදී ගත් ලොතරැයි අලෙවි සැල් දෙකක්ද මේ වන විට වසා දමා ඇති අතර මෙම වෙළෙන්දා මුදල් මාරු කර ගත් බස් කොන්දොස්තරවරයෙකු ද නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර හෝටල් දෙකේ සේවය කල හිමිකරුවන් හා සේවකයින් 5 දෙනෙකුද ලොතරැයි අලෙවි සැල් දෙකේ පුද්ගලයන් දෙදෙනාද මේ වන විට සෞඛ්‍ය අංශ මගින් නිවසේදිම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.

 මේ අතරම පැලියගොඩ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානයේ පුද්ගලයෙකු ඇසුරු කල බව කියන පොත්තපිටියේ පදිංචි පුද්ගලයෙකුගෙන් අද දිනයේදි මධ්‍යම පළාත් සෞඛ්‍ය කණ්ඩායම් මගින් පි සි ආර් පරික්ෂණයටද ලක් කරනු ලැබිය.  
- චමිල් රූපසිංහ