
ආරච්චිකට්ටුව අඩිප්පල වැලිපෑලැස්ස ප‍්‍රදේශයේ සිසුවාට කොවිඞ් 19 වෛරසය ආසාදනයවී ඇතැයි ඊයේ ප්‍රචාරය වුවද එසේ නැති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙසේ පී. සී . ආර් පරීක්ෂණයකට භාජනය වී ඇත්තේ ආරච්චිකට්ටුව අඩිප්පල වැලිපෑලැස්ස පදිංචි 17
හැවිරිදි පාසල් ශිෂයෙකි. එම ශිෂ්‍යයා අ. පො. ස. උ/ පෙළ ගණිත අංශයෙන් විෂය හදාරන අතර
2022 විභාගයට ඉදිරිපත් වීමට නියමිතය.
මොහු සමග ආරච්චිකට්ටුව හා අවට ප‍්‍රදේශවල තවත් ශිෂ්‍යයින් 17 දෙනෙකු ගම්පහ ප‍්‍රදේශයේ
සතිඅන්තයේ පැවත්වෙන උපකාරක පංතියකට සහභාගී වී ඇත.
ඉකුත් 07 දින උණ රෝගයක් හේතුවෙන් බංගදෙනිය ප‍්‍රදේශයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින්
ප‍්‍රතිකාර ලබාගන අතර සෑහීමකට පත්නොවූ දෙමවුපියන් ශිෂ්‍යාව හලාවත රෝහලට ඇතුලත් කර ඇත.
එහිදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී මෙම ශිෂ්‍යාට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී
ඇති අතර අනතුරුව ඉකුත් 08 සහ 09 දෙදින තුළ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලදී මෙම ශිෂ්‍යාට කොවිඞ්
19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇත.
ඒ අනුව මෙම ශිෂ්‍යයා සිය නිවස වෙත යැවීමට කටයුතු කළ බව හලාවත දිසා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය
කේ. පී. මල්ලවාරච්චි මහතා පවසයි.
එනමුත් මෙම පවුලේ සමාජිකයන් සහ ආශ‍්‍රිතයින් නිවසේදීම දින
14ක ස්වයං නිරෝධායනයකට යොමුකර ඇති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අයි.
එම්. සී. ජයසිංහ මහත්මිය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval