නව රැකියාවක් ලැබීමෙන් අනතුරුව තරුණියක ඉතා සතුටින් මාර්ගයේ නටන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇගේ ආයතනයේ ප්‍රධානියා විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. 

නව කොරෝනා වෛරසයත් සමඟ බොහෝ දෙනෙකුට මේ වන විට සිය රැකියා අහිමි වී ඇති බැවින් නව රැකියා සොයා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවේ. මන්දයත් බොහෝ සමාගම් මේ වන විට ආයතනික වශයෙන් විශාල ලෙස පාඩු ලබමින් සිටින බැවිනි. කෙසේ වෙතත්, දක්ෂතා සහ ශුභවාදී හැඟීම් ඇති තැන සෑම විටම බලාපොරොත්තුවක්ද ඇත.
වීඩියෝවේ සිටින තරුණියද ඇයට රැකියාව ලැබීමෙන් පසු මෙසේ තම සතුට එළිදක්වා තිබේ. මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහළ ආපනශාලා කළමණාකරු වන ඩකරා ස්පෙන්ස් එහි ශීර්ෂ පාඨයෙහි "So, I just hired this young woman and this was her response." යනුවෙන් සඳහන් කර තිබුණි.

 එමෙන්ම මේ සම්බන්ධයෙන් විමසූ ප්‍රාදේශීය ප්‍රවෘත්ති ඒජන්සිවලට මෙම තරුණිය පවසා ඇත්තේ රැකියාව ලැබීමෙන් ඇයට විශාල ශක්තියක් ලැබුණු බවත්, ඇවිදින විට තමන්ට එම සතුට දැඩිව දැනුණු බවත්ය. සැබවින්ම එම මොහොතේ ඇය ධනාත්මක චින්තනයකින් සිටි බව එම වීඩියෝව තුළින් නිරූපණය වේ. කයල්ලා ජෝන්ස් නැමැති මෙම තරුණිය වසර 2 ක් තිස්සේ නිවසක් නොමැතිව සිට ඇති අතර, මෙම රැකියාව ඇයට දේවියන් ලබාදුන් දෙයක් වැනි යැයි ඇය පවසා ඇත. 

නමුත් ඉන් පිටතට ගිය විට කැමරාවන් ඇය වෙත යොමුව තිබෙන බව ඇය නොදන්නා බවද කයල්ලා පවසා ඇත. මෙම සිදුවීමෙන් අනතුරුව මෙම තරුණිය සිය ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර්හි ඡායාරූපයක් බෙදාගනිමින් “my first day was a lot of fun with the lady who made me viral.”යනුවෙන්ද සඳහන් කර තිබුණි.
Rishmi Ishara