සම්පූර්ණ නම?

ධනු ඉනාසි සැවියෝ.ෆුල් නම සැවියෝ ධනුෂ්ක ඉම්නාසික්

සැවියෝ?
ඒක කව්රුත් පාවිච්චි කලේ නෑ.පොඩි කාලේ ඉදලා ධනු කිව්වා ඊටපස්සේ මටත් අමතක වුනා.

ඉපදුනේ?
යාපනේ මානිපායි ග්‍රීන් හොස්පිටල් .එතන මං ඉපදුනු කාමරේත් තාම තියෙනවා.

ඉස්කෝලේ ගියේ?
යාපනේ St. Patrics කොලේජ් කොළඹට ආවට පස්සේ St.Peters.

ආගම?
කතෝලික

ජාතිය?
ලංකාවේ

මොනවද කරපු රස්සාවල්?
ඉස්කෝලේ කාලේ පාඩම් කරපුවට එහෙම සම්මාන ,තෑගි හම්බුන් නෑ.ස්ටේජ් එකෙනුත් තමා හිටියේ වැඩිපුර.එහෙම රස්සාවක් මේ ඇඩ්වර්ටයිසින්ග් ද මොනවද කරන්නේ කියලා ඔළුවේ තිබ්බේ නෑ.අවු.16 කරන්නේ මොනවද තේරෙන් නැතුව රේඩියෝ ස්ටේෂන් එකකට කතා කරලා කතා කරන්න ඕන කිව්වා.එයාලා හිතුවේ කෝලර් කෙනෙක් කියලා මං කිව්වා නෑ නෑ ඔයාගේ රස්සාව මට කරන්න ඕන කියලා .CV එකක් අරං එන්න කිව්වා මි.10න් රස්සාවක් හම්බුනා ට්‍රේනින්ග් විදියට.ඕක තමා පටන් ගත්ත විදිය.

වාසනාවන්ත කෙනෙක්?
මං හිතන්නේ

බිස්නස් කරලා තියෙනවද?

සල්ලි එකතු කරන්නත් දන් නෑමං වෙනුවෙන් සල්ලි අහන්නත් දන් නෑ.ඒක කව්රුහර් මැනේජ් කරන්න මංම හොයාගන්න ඕන.

පවුලේ විස්තර?

ජිවත් වෙලා ඉන්නේ අක්කා විතරයි.බල්ලො 5යි.පූසයි.පූසා විතරයි දෙමළ සුබ්‍රමනියම්.බල්ලෝ ඔක්කොම ඉංග්ලිෂ්.තාත්තා මැරෙද්දි වයස 7යි.අම්මා මැරෙද්දි 24යි.මගේ සුපර් හීරෝ ඔක්කොම මගෙ අම්මා.එයා ටීචර් කෙනෙක්.පඩි 3000යි.අපිව බලාගත්තා ලස්සනට ලෝකය පෙන්නුවා.

සාමාන්‍යයෙන් කතා කරන්න කැමැති මාතෘකාව?
ඕන දෙයක්


බල්ලො 5ගෙ නම් කිව්වොත්?
ට්වින්ක්ල්,ජෙබලින්,ස්පංශ්,මිස්ටර්,මල්ලි ආ සොරි එයා සිංහල බල්ලෙක්.

කොහොමද කොළඹ ආවේ?

තාත්තා මැරුණා.93 පලවෙනිදා උදේ නැගිට්ට 5.50ට ,6වෙද්දි හාර්ට් ඇටෑක් හැදිලා මැරුණා.වයස 44න්.යාපනේ ප්‍රශ්ණනේ.තාත්තට නමක් තිබ්බා එයා 10th Generation මන් 11th Generation.මං ඉපදුනේ ලස්සන කතාවක.රිච් ෆැමිලි එකක් හැබැයි 92 මාලිගා වගේ තිබ්බ ගෙවල්වලට Leaflet වැටුණා.මෙතනින් යන්න.අපි හිටියේ චිල්ලාලි කියන තැනක.ජෝසප් වාස් ,ලිට්ල් රූම් අපි ගියා රිෆියුලි වලට.තාත්තා අඩි 6ක් විතර උසයි රජෙක් වගේ හිටපු කෙනෙක් හිරවෙලා එයාට ඩිප්‍රෙෂර් එන්න ගත්තා.මට මතක තියෙන්නේ බෝම්බ වැටෙනකොට ඔක්කොම වයිබ්‍රේට් උනා.කුණු වැටුණා.අපිට තිබ්බේ දුවන්න එච්චරයි මතක.මං ඇඩුවා තාත්තා ගාව කාර් ගොඩාක් තිබ්බා ඒවා එලියට ගන්න බෑ.ස්කූටර් පුළුවන් නැත්තම් පයින් දුව්න්න ඕන.තාත්තා බයික් එකේ මාවයි අම්මවයි දාගෙන යනවා අක්කව තියලා යන්නේ මොකද 4ක් ගියොත් අල්ලනවා එතකොට අක්කව අල්ලලා එක්කෝ මරණවා නැත්තම් රේප් කරනවා.මම මැද අපිව කෑම්ප් එකට දාලා අක්කව ගෙනියන්න එනවා තාත්තා.අම්මා මැරි මැරි ඉන්නේ .ඊටපස්සේ ආවා.එතනින් එහා මාස 4ක් එකට හිටියා.ඊට පස්සේ තාත්තා මැරුණා.මගෙ අම්මා එක්ක මැරෙන්න ඉස්සර දවසේ උදේ 4වෙනකම් කතා කරලා .මගේ තාත්තා අම්මගේ නයිට් ඩ්‍රස් එක තාත්තගේ සරමේ ගැටගහගෙන නිදාගන්නේ.ෆුල් ලව්.පොඩි ලමයි වගේ සීනි කන්න ආසයි දෙන්නා අපිට හොරෙන් සීනි කනවා.යාලනේ අපි ඉන්න කාලේ කිසි දෙයක් නෑ.මං wash දානවා 4 වෙද්දි ඊටපස්සේ අම්මා ජනෙල්ලෙන් එළිය අහස බලලා Clouds කොහොමද තියෙන්නේ කියලා හිතන්න ගගා කියනවා.ලාම්පු පත්තු කරන්නේ ඒකෙන් පාඩම් කරන්න හැමදේම කරන්න ඕන.හෙලිකොප්ටර් සද්දයක් ඇහෙනවනම් ලාම්පු නිමලා නිදා ගන්න ඕන.මං එහෙදි ගොඩාක්ම කෑවෙ මුරුක්කු තාත්තා කොහොමහරි මොන ප්‍රශ්නය තිබ්බත් ක්‍රිස්මස් සමරනවා.අපිට යුද්දේ කියන්නේ නෝමර්ල් දෙයක් .තාත්තා මැරුණට පස්සේ ටයිගර් ඇවිත් අහනවා ජොයින් වෙනවද කියලා.පුතා,දුව හරි දෙනවද කියලා අම්මා ඉතිං අඩනවා මට දෙන්නම ඕන කියලා.එයාලා කියනවා කොළඹට වීසා දෙන්නම් කියලත්.අපි කොළඹ ආවේ පයින් ,ට්‍රැක්ටර් වලින් ,බස් එකේ ,බෝට්ටුවෙන්.අපි ජූන් 01 පිටත් වුනා මහ රැ 12ට උදේ 4 වෙන්න කලින් අපි පනින්න ඕන.නැත්තන් ඉතිං කාක්කෙක් හිටියත් මරණවා.සල්ලි වැඩියෙන් දෙන අය බෝට්ටුවේ ඉස්සරහම නග්ග ගන්නවා අනිත් අය හිරවි හිරවි පස්සහ.ඉතිං හිරවෙලා යද්දි බ්‍රේක් ගහනකොට පැද්දෙනකොට ලමයි වැටෙනවා ගෑණු අඩනවා.අපි අන්තිමට ට්‍රේන් එකට තගිනවා.ඒක තමා මගේ ජිවිතේ පටන් ගත්ත පලවෙනි දේ.දවස් 5කට පස්සේ ඇදුම් ගැලෙව්වේ එතන.මට හරි සතුටුයි.මං ජීවිතේ දෙපැත්තම බැලුවා.මගේ අම්මා සිම්පල් පවුලක කෙනෙක්.එයාලා සල්ලි නෙමෙයි මෙමරීස් එකතු කරන්නේ මටත් අම්මා ඒක පුරුදු කලා.අපිට අවු.12ක් යනකම් ඇදක් තිබ්බේ නෑ 

ඇයි ඒ?

තාත්තගේ පවුලෙන් මුකුත් හම්බුන් නෑ.තාත්තා අරන් තිබ්බ පුටු 4යි.කබඩ් එකයි විතරයි තිබ්බේ අපිට අම්මගේ පඩියෙන් ඔක්කොම කරන්න බැනේ.අපිට තිබ්බ හොදම කෑම හැපි කව් චීස් එක කෑල්ලක් දෙකට කපලා අක්කටයි මටයි දෙනවා පාන් එක්ක මං ඉතිං චීස් චුට්ට චුට්ට කන්නේ පාන් ගොඩාක් කන්න.ඒක තමා මෙහෙම වුනේ.

LTTE  එක කොහොමද බලපෑවේ පොඩි ලමයෙක් විදියට?

එපා වුන දෙයක්.Tigger Movement සටන් දෙමළ අය වෙනුවෙන් කලාට ඒක අන්තිමට Selfish වුනා.එයාලා එයාලා ගැන විතරයි.අපිට තමා ප්‍රශ්ණය වුනේ.ජිවිතයක් නෑ.ඉස්කෝලේ යන්න බෑ.එළියට යන්න බෑ.සතුටක් නෑ.ගියොත් ආපහු එයිද දන්නෙ නෑ.අපි කව්රුත් ජිවත් වුනේ නැ.ඒ කාලේ මැරුණ ඔක්කොගෙම හීන අද.යාපනේ අවු.30ක් පස්සට ගියා.මම කොළඹට ඇවිත් ලිබර්ටි ප්ලාසා ගියේ වයස 16දි.ඇයි දන්නවද අම්මට ඇෆෝට් කරන්න බෑ.මමත් ස්කෝලෙට යනවා ආන්ටි කෙනෙක්ගෙ ගෙදර යනවා  ලිබර්ටි යනවා එච්චරයි යන්න දන්නේ.මම අද වෙනකම් බොන් නෑ,ස්මෝක් කරන් නෑ.මට අමුතුයි.අමාරුවෙන් හම්බ කරන සල්ලි නාස්ති කරන්නේ ඇයි කියලා හිතෙනවා.

කොළඹට ආවට පස්සේ කොහොමද?
මට ඉංග්ල්ෂ් බෑ.මගේ අම්මා ENGLISH ගුරුවරියක් අක්කාටත් පුළුවන්.මම ඉගෙන ගත්තේ මිනිස්සු කතා කරන එක අහන් ඉදලා.

යාපනේ යාළුවෝ මෙහෙ යාළුවෝ මුව් වෙන එක කොහොමද?
මට තාම මතකයි 94 මගෙ ඉස්සරහ එක්කෙනා Do You Watch Full House ?කියලා ඇහුවා.මං කිව්වා අපේ ගෙදර ටී.වී එකක් නෑ කිව්වා එහෙනම් ඔයා එක්ක කතා කරලා වැඩක නැ කිව්වා.

කොළඹ ඇවිත් ලයිෆ් එක වෙනස් වුනාද?
වෙනස් වුනා.අලුත් ඔපර්චුනිටි හම්බුනා ස්ටේජ් ඉන්න ආසනෙ මං ඒකට අවස්ථාව ආවා.ඕලෙවල් ඔක්කොම පාස් වුනා මැත්ස් ඩවුන්.ඕන් නෑ අනේ මැත්ස්.

දිගටම ජැෆ්නා හිටියනම් අද කොයි වගේද?
මං හිතන්නේ මං දොස්තර කෙනෙක්.තාත්තා නිසා පවුලටම උරුම දෙයක්නේ එයාලගේ .

කොළඹ බෝම්බ පුපුරනවා ඒක කොහොමද දැනුනේ?

ඔය රණ්ඩු වෙන අය වෙනකොහෙහරි ගිහින් රණ්ඩු වුනානම් හරි කියලා අපි පව්.ගවර්මන්ට්,එල්.ටී.ටී කිසිදෙයක් මං ආස නෑ.මගෙ පලවෙනි රස්සාව දුන්නේ සිංහල කෙනෙක් එයාලා රණ්ඩු වුනා තනිකම ලොකු කර ගන්න අද වෙනකම් මට ඕන කෙනෙක් වෙන්න පුළුවන් මේ රට බෙදන්න බෑ.

2015 යුද්දේ ඉවර කලා කිව්වම ?
මං හිතුවා මීට පස්සේ හරි ලමයින්ට ඉස්කෝලෙ යන්න පුළුවන් අපි හැමදාම හිතන්න ඕන අපිට පස්සේ කෙනාට ලැබෙන ජිවිතේ මොකක්ද කියලා.

කොළඹට ආවට පස්සේ යාපනයට ගියේ අවුරුදු කීයකින්ද?
2010 මාර්තු ගියා.අම්මටනම් ආස නෑ මට ඔක්කොම මතකයි.තාත්තව බෙරි කරපු තැන එයාව බලලා.ඊට පස්සේ ගොඩාක් ගියා.

දැන් ඉන්න තැන?

 මම හරි Great full.මගේ ජිවිතේ මං පාරෙ ඉන්න ඕන කෙනෙක්.මට හම්බුන හොද මිනිස්සු නිසා මං ඉන්න හොද තැනක.මං තෑන්ක්ස් කරනවා.

වාසනාව විශ්වාස කරනවද?

Luck එක ඕන

ධනු Lucky ද?
පොඩි එකක් තියෙනවා.මට කතා කරන්න පිස්සුවක් තියෙනවා.සතුටු කරන්න පුළුවන් මේක වාසනාවන්ත පිස්සුවක්.

අපි පොඩි ටිප්ස් ටිකක් කරමු.ඔයා කැමති උදේටද ,රෑටද?
උදේට රෑට මට පේන් නෑනේ.

ගර්ල් ෆ්‍රෙන්ඩ් විදියට යුරේනිද,ස්ටෙෆනිද?
ස්ටෙෆනි.යුරේනිට උයන්න පුළුවන්ද දන් නෑ.අනික එයා වැඩිය කන්නෙත් නෑ.

ඔයා කැමැති Sexy කියනවටද,Hot කියනවටද?
දෙකම දුන්නත් හොදයි.


Film Hall ද, Beach ගිහින් ආදරය කරන්නද?
ෆිල්ම් හෝල් අව්වේ කොහොමද අනේ දාඩිය දාගෙන ආදරය කරන්නේ,මං ඒ.සී එකේ ඉන්නත් ආසයි.

කැමතිම ජනපති ගෝඨාභය මහත්තයාද,මහින්ද මහත්තයාද?
දෙන්නම.

සමාජ සත්කාර මොනවද කරපු?
මං ප්‍රොජෙක්ට් කරනවා.

මං ඩ්‍රාමා රඟපෑවනේ ඒ කාලේ හම්බුන ඩිල්ලි කියලා කෙනෙක්.අපි ප්ලේ එක එකට කලේ .සුමාන දෙකකට පස්සේ එයා මගෙන් ලන්ච් යන්ද ඇහුවා.අපි ගිහින් කෑවා.ආයේ යද්දි බෙස්ට් ටොප් එකක් අරං තිබ්බා මට දෙන්න.එයා මාව දන්නෙත් නෑ රඟපෑවේ සති දෙකයි.එයාට කිසි වුවමනාවක් නෑ මට එහෙම කරන්න.ඇයි කලේ එයාගේ මනුස්සකම නිසා.මං මේක පටන් ගත්තේ එයාව ඔළුවේ තියාගෙන .මං ගාව සල්ලි නෑ.පලවෙනි ප්‍රොජෙක්ට් එකේ බෝයි කෙනෙක් හිටියා එයාට ලැප් ටොප් එකක් ඕන වුනා .ෆෝටෝ එඩිට් කරලා සල්ලි හොයන්න ඒක ඉල්ලන්නේ.මාර දුප්පත්.මං එෆ්.බී එකේ දැම්මා පෝස්ට් එකක් .මං කිව්වා ඔයා 5000ක් ගෙවන්න ඕන කියලා එතකොටයි ඒක ඔයාගේ වෙන්නේ කියලා.එයා හා කිව්වා.දැන් ඩුබායි .අන්තිමට අපි කලේ අපි කියන්නේ මට සපෝර්ට් කරන අයත් ගර්ල් කෙනෙක්.Business Faculty Colombo University එයා දක්ෂයි.එයාට සල්ලි නෑ එයාට සර්ච් එක කරන්න ඉන්දියා යන්න ඕන.මං දාලා සතියක් යන්න ඉස්සර එයාට යන්න පුළුවන් වුනා.මම කරන්නේ ඕක තමා.අපි එකතු වුනොත් කරන්න බැරි දෙයක් නෑ.අපේ මිනිස්සු හරි හොදයි අපිට කෑම නැතත් අනිත් අයට දෙනවා.

ඔයා ලගදි කරපු සෙන්සිටිව් මාතෘකාව මොකක්ද?

HIV මම ඒ ගැන කතා කලේ කොරෝනා එක්ක.අපි දැනගන්න ඕන වැඩිම අපිට අමාරු වෙන්නෙ දියවැඩියාව හැදිලා HIV එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන් ඒ තොරතුරු දන් නෑ.

ඔබට සමාජයේ තැනක් තියෙනවා.LGBT එක.ඔයා කොහොමද ඒක දකින්නේ?

ලංකාවේ අය මාර හොදයි.හැබැයි ඕප දූප ආසයි.LGBT  කියන්නේ අද නෙවෙයි.අපි ඉපදෙන්න ඉස්සරත්.දැන් ඕකට නමත් හැදිලා කතා කරනවනේ.පටන් අරං තියෙන්නේ ප්‍රශ්න මාව ගන්න මං ජිවිතේ මෙච්චර කරලා තියෙනවා.ඒ ටික ගන්නවාද නැත්තම් මං කාමරේ කා එක්ක ද ඉන්නේ බලනව ද ?කරපු දේවල් ද බලන්නේ දෙවැනි දේ ද ,ඒ කියන්නේ කිසිසේත් කෙනෙක් ගිහින් ගර්ල්ස්ලා rape කළොත් ඒක හරිද එතනින් කෙනෙක් ආදරෙ කරල බඳින් එක හරිද මිනිත්තු 5හේ වැඩකට අපි ජීවිතයම කනවා .මං කවදාවත් මං ගැන හංගන් නෑ. මං වැරදි කරලා නෑ. මම මොනවද කරන්නේ කියලා මං කාටවත් කියන්නෙත් නෑ.සමාජයේ විවිධ ස්ථර වලට බෙදලා තියෙන්නේ මිනිස්සු ඒක මං ඔක්කොම එක්ක කොළඹ ඉන්නවා. මං හැමදාම අදින්නේ ලෝකල් ඇඳුම් පෙන්නන්න නෙමෙයි. මගේ අමාරුව මම දන්නෙ .

ලංකාවෙ අය බ්‍රෑන්ඩ් වලින් මිනිස්සු ජජ් කරන්නේ ඔයා හොටෙල් එකක් ගන්නකෝ ගිහින් බහින්න කාර් එකකින් ට්‍රීට්මන්ට් හම්බවෙන හැටි මං ඊයෙ ගියා. මම බහින්නේ රජිනිකාන් වගේ කියලා හිතාගෙන බැස්සා මගෙන් කෙනෙක් ඇවිත් කාර් එක ඔයා පාර්ක්  කරනවද සර් මං පාක් කරන්න කරන්නද කියලා ඇහුවා.ඒ මනුස්සයට සමහරවිට කාර් එකක්වත් නැතුව ඇති. මම මේ වොච් එක ගත්තෙ සියට 50Discount එකේ. මං කොහෙත්ම ඇත්ත කියන්නේ .

කොහොමද social media use කරන්නේ ?

මගේ පින්තූර දාලා මම එක එක විදියට වාඩිවෙලා සෝෂල් මීඩියා හොඳ දෙයක් interesting මං සෝෂල් මීඩියා නරක ඒවට භාවිතා කරන්න  නෑ .කුණු දාන්න එහෙම .ඔයා සෝෂල් මීඩියා එකේ මහර කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි පාරට බැස්සම කවුරුත් ඇඳුරන් නැත්තං වැඩක් නෑනේ . ඔක්කොම මෝටර්ස්ලා , insragram බලන්නකෝ  හැමෝම ෆොටෝ දානවා මාත් මොඩ්ල් කෙනෙක් හැබැයි මම බාත් ටබ් එකේ ඇදලා මෙහෙම ෆොටෝ ගත්තා කවුරුත් බැලුවෙ නෑනේ. මම secret .කොල්ලො කෙල්ලො ෆලෝ කරනවා ,කෙල්ලො කෙල්ලො ෆලෝ කරනවා හැබැයි කවදාවත් කොල්ලො කොල්ලො ෆලෝ කරන් නෑ. 

ඔයා හොද creativity එකක් තියෙනවා .දැන් ඔයාට යාපනයේ ඉදලා තවත් ළමයෙක් ඇවිල්ලා ඔයාව හම්බවෙන්න .ඔයා මොනවද එයාට කියන්නේ ?

යාපනය නෙමෙයි කොහෙ ඉදලා ආවත්, ඔයාට එකක් ආසයි නම් නිදාගනීද්දි, නැගිටිද්දි කද්දි,නාද්දි හිතන්න ඕන ඒ ගැන. පොඩි කතාවක් කියන්නම් මම යාපනේ ගියා පොඩි ෂූට් එකට අපි ගියා Jaffna restaurant එකට එකේ හිටිය ලස්සන girl කෙනෙක් මගේ යාළුවොත් බලනවා දැං. මේ කෙල්ල දිහා බැලුවම බැලුවා මාරම ලස්සනයි . හැබැයි එයාට ඒක ගානක් නෑ වේටර් කෙනෙක් .මං ළඟට ගිහිල්ලා කතා කරා මං ඇහැව්වා ඔයා මෙතනින් next step එක මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ කියලා.එයා කිව්වා චාන්ස් හම්බුනොත් කැනඩා  යනවා කියලා. මං ඔයා ඇයි කැනඩා යන්න කියලා මේ රටේ ම හොඳ පෝස්ට් එකට යන්න පුළුවන්කම තියෙද්දී ඇයි කැනඩාවට යන්න කියලා ඇහුවා එයා කිව්වා අපි ගැන කතා කරන්න කවුරුත් නෑ. ඔයාලා වගේ අය අඩුයි කියලා අපිට ඒ තැන කවුරුත් අරන් දෙන්නෑ කියලා .මං කියන්නේ කැමරාමන් ලඟ ඉන්න කෙනා ඊළඟට වෙන්න ඕන කැමරාමන් මොකද මොකද නැත්තං assistant කැමරාමන්ලාට කෝ තැන. කෙනෙක් වෙන්නේ කොහොමද මං කවදාවත් එලියෙන් ඉන්ටවිව් කරන් නෑ. ඇතුලෙන් තමා මට මේ චාන්ස් එක හම්බුනේ ඒ නිසා .මගේ අම්මා ටීච් කලා නිලු කියලා girl කෙනෙක්ට. එයාලා ගොඩක් දුප්පත් ඒ  ළමයත් ඕලෙවල් වලට ඒ දහයක් ගත්තා english medium වලින්.තාමත් මට කතා කරනවා ඒ අම්මා තාත්තා ඔක්කොම. ඒක මගේ opinion .

ජීවිතය වැඩියම අදරේ ?

අම්මා .අක්කා දෙවෙනි අම්මා .මං හරි ලකී මාව හැදුවම ගෑනු අය .අම්මා කියන්නේ හැම වෙලේම එයාගේ තැන ඉදන් බලන්න කියලා කෙනෙක් දිහා ක්‍රිෂානි අලා කියලා කෙනෙක් මගේ ෂෝ එකක් තිබිලා ආවා.එයාත් මං වගේ මගේ තැන හිටියේ. ඔන්න Show එක ඉවරවෙලා එයා මගේ ස්ටූඩියෝ එකේ මං යද්දි. කවුරුත් කිව්වේ නෑ ඉන්නව කියල .මට හරි කේන්ති මම තරහින් කතා කරේ ඉතින් මං තරහෙන් උත්තර දීලා ගෙදර ගියා. අම්මා දොර ඇරියෙ මම බහින කොටම අර ළමයා ගැන කියලා මට බැන්නා මං එවලෙම එයාට කතා කරලා සොරි කිව්වා. එයා ආව නිසා මගේ තැන නැති වුණේ නෑ මං තව දියුණු වුණා.

ඔයා නපුරු යි ද ?

අනේ නෑ.හැබැයි යාලුවෝ මගේ නම් මට එයාලව බෙදා ගන්න බැරි ලෙඩක් තියෙනවා. ඒකයි මගේ තියෙන අවුල.