ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන හඟුරන්කෙත පුරයේ වසර 400කට අධික කාලයක් වැළලී තිබුණු ඓතිහාසික සාධක දැන් කෙමෙන් කෙමෙන් මතුවීමට පටන්ගෙන ඇත. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් මෙම දිනවල හඟුරන්කෙත පල්ලේමළුව ප්‍රදේශයේ සිදු කරන කැණීම්වල දී වසර 400 කට අධික ඉපැරණි රජ මාළිගාවක නටබුන් යැයි සිතිය හැකි පුරා විද්‍යාත්මක සාධක රැසක් හමු වෙමින් පවතින බව මධ්‍යම පළාත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එදා මහනුවර රජකම් කළ රජවරුන්ට ආරක්ෂාව සලසා දුන් උප රාජධානියක් ලෙස සැලකූ හඟුරන්කෙත නගරය "දිල්ලිය නුවර" හෙවත් "දියතිලක නුවර"
එම ප්‍රදේශය මේ වන විට පවුල් 30 ක පමණ පිරිසකගේ වාසභූමිය බවට පත් වී ඇත. 1996 වර්ෂයේ දී අක්කර තුනක පමණ එම භූමි භාගය පුරා විද්‍යාවට පවරා ගන්නා ලදි. එසේ පුරා විද්‍යාවට පවරාගත් ඉඩමක කිසිදු කැණීමක් කළ නොහැක. එසේ වුවද එම ප්‍රදේශවාසීන් අනවසරයෙන් තම ඉඩම්වල තිවාස අත්තිවාරම්, වැසිකිළි වළවල් ආදිය කැණීම නිසා පුරාවිද්‍යා නිලධාරිහුත්, ගැමියනුත් අතර නිරන්තර ගැටුම් ඇති විය. සමහර නිවැසියන්ට නීත්‍යානුකූලව දඬුවම් විඳීමට ද සිදුවිය. පල්ලේමළුව ප්‍රදේශවාසින් තම ඉඩම් තුළ වරින් වර අනවසරයෙන් කළ කැණිම් වල දී ඉපැරණි ගල්කණු කැටයම් සහිත ගල් කැබලි පැරණි කාසි, සඳකඩ පහන්, වළං කැබලි යනාදිය හමුවීම නිසා දේශපාලන අධිකාරියේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙත් තීරණය පරිදි එම පුරාවස්තු හමු වූ රජ මාලිගය තිබුණා යැයි සැළකෙන පල්ලෙමළුව ප්‍රදේශයේ දැනට දෙසතියකට පමණ පෙර කැණීම් ආරම්භ කර ඇත.
මධ්‍යම පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ජී.බී. දිසානායක මහතාගේ උපදෙස් පරිදි පුරාවිද්‍යා කැණීම් නිලධාරි පාලිත අත්තනායක - උපාලි ජයසිංහ, ව්‍යාපෘති නිලධාරි ජයන්ත බණ්ඩාර යන මහත්වරුන්ගගේ අධීක්ෂණය යටතේ මමම කැණීම් අරඹා ඇත. ඒ අනුව ආරම්භයේදී අඩි 10 ක් දිග, අඩි හතරක් පළල පර්යේෂණ වළවල් හතරක් කැණීමට තීරණය කරන ලදී. 2012 වර්ෂයේ දී එක් නිවැසියකු තම වැසිකිළි වළ කැණීමේ දී කැටයම් සහිත කළුගල් කැබැල්ලක් හමු වූ ස්ථානයේ පළමු පර්යේෂණ වළ කැණීමට තෝරාගෙන ඇත. පළමු පර්යේෂණ වළෙහි අඩි 06 ක් පමණ ගැඹුරට කැණීම් කරගෙන යද්දී ඉපැරණි රජ මාළිගයේ නටඹුන් යැයි සිතිය හැකි ගලින් නිම කරන ලද කවාකාර අත්තිවාරමක් හමුවී ඇත. මෙය රජ
මේ පිළිබඳව අදහස් දැක්වූ කැණීම් නිලධාරි පාලිත අත්තනායක මහතා, පළමු පර්යේෂණ වළ කැපීමේ දී විවිධ ගල් කැබලි කීපයක් සහ කවාකාර අත්තිවාරමක් මතු වුණා. එය රජ මාළිගයේ තිබුණු පොකුණක අත්තිවාරමක් විය හැකියි. දැනට එහි මතුවී ඇත්තේ අඩක් පමණයි. ඉතිරිය මතුකර ගැනීමට නම් මෙහි හරස් අතට කැණිමක් සිදු කළ යුතුය. මෙය කොතරම් දුරට විහිදීගොස් තිබේදැයි නිශචිතවම කියන්නට බැහැ. අපට මෙම කාලයේ දි විශාල බාධාවක් වී ඇත්තේ කැණීම් වළ දෙපැත්තෙන්ම නිවාස ඉදිකර තිබීමයි.
දෙවන පරේෂණ කැණීමට අපි තෝරා ගත්තේ මෙයට වසර කීපයකට පෙර මේ ප්‍රදේශයේ නිවසක් ඉදිකිරිමේ දී සඳකඩ පහණක් හමු වූ ස්ථානයේයි. ඒ "සදකඩ පහණ" දැනට එම නිවසේ ඉදිරිපිට සවිකර තිබෙනවා. එම සාධකය අනුව මෙම ස්ථානයේ ඉපැරණි රජ මාළිගයේ නටඹුන් රැසක්ම මතු වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා, යැයි පැවසීය.
අත්තනායක මහතා පවසන පරිදි පළමු පරේය්ෂණ වළෙහී දකුණු පැත්තෙ අඩි 03 ක් පමණ දුරින් නිවසක වැසිකිළියක් ඉදිකර ඇති අතර එහි වම් පැත්තෙහි ස්ථිර නිවාස පේළියම පිහිටා ඇත. ඉපැරණි පුරාවිද්‍යා සාධක සියල්ල මතුකර ගැනීමට නම් එම නිවාසවල පතුළ ද කැණීමට ලක්කිරීමට සිදු වේ. එසේ නම් මෙම පල්ලේමළුව ප්‍රදේශයේ නිවැසියන් එම ස්ථානයෙන් ඉවත් කර ඔවුනට විකල්ප වාසස්ථාන ලබා දීමට රජය මගින් පියවර ගතයුතු බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි.
පල්ලේමළුව ප්‍රදේශයේ පිහිටා තිබු පැරණි රජ මාලිගය ක්‍රි.ව. 1808 දී හඟුරන්කෙතට පැමිණි මේජර්. ඩේව් ඇතුළු යුද සෙබළුන් විසින් ගිණිබත් කළ බැව් ඉතිහාසයේ සඳහන් වේ. එයින් ශේෂ වූ ගල් කනු මකර තොරණ, සඳකඩ පහන් සහ දැව දඩු උපයෝගී කරගෙන දොරටියාවේ අත්ථදස්සි හිමියන්ගේ මූලිකත්වයත් වත්මන් හඟුරන්කෙත පොත්ගුල් මාළිගාව ඉදිකර ඇත.
(යූ.එන්.බී යටිවැල්ල)
0 Comments