ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කේන්ද්‍රකොට ගනිමින් ඇරැඹි කොරෝනා දෙවැනි රැල්ල සාර්ථකව මර්දනය කර ගැනීමට හැකි වුණු බව මෙල්බර්න් සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙල්බර්න් යනු වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවරය. මෙල්බර්න් නුවරින් ඇරැඹුණු දෙවැනි කොරෝනා රැල්ල පාලනය කර ගැනීමට මෙල්බර්න් සෞඛ්‍ය අංශ සහ  මෙල්බර්න් නගර බලධාරින් සමත් වූයේ නගරය ලොක්ඩවුන් කිරීමෙනි. පසුගිය ජූලි මාසයේ සිට දින 112 ක් මෙල්බර්න් ලොණ්ඩවුන් කර තැබුණු අතර 28 දා සිට එම ලොක්ඩවුන් තහංචි ලිහිල් කෙරෙන බව  පැවැසෙයි. 

ලොක්හවුන් තහංචි ලිහිල් කෙරුණත් නිරෝධායන නීතිවලට අනුකූලව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු යැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබේ. මිලියන 6 ක් වෙසෙන මෙල්බර්න් නුවර ලොණ්ඩවුන් තහංචි ලිහිල් කෙරුණත්, නිරෝධායන නීතිවලට අනුකූලව සෞඛ්‍ය ද උපදෙස් අනුව කටයුතු කළ යුතු යැය සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබේ. 28 දා සිට මෙල්බර්න් වැසියන්ට නිදහසේ  නිවෙස්වලින් බැහැර වීමට ඉඩ ලැබෙනු ඇති  අතර, වෙළෙඳසැල්, අවන්හල්, කාර්යාල විවෘත කෙරේ. වෙළඳසැල් සහ  අචල්වලට ඇතුළත් කර ගැනෙන්නේ  සීමිත පිරිසක් වන අතර සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැදගත්ය.

කාර්යාල සේවයට ගෙන්වා ගැනෙන්නේ අත්‍යවශ්‍ය පිරිස් පමණි. සෙසු සියලු දෙනාට නිවෙස්වල සිට රැකියාව කිරීමට අවසර හිමි වී තිබේ. 

සමාජ ඒකරාශීවීම් 10 දෙනකුට සීමා වන අතර, මංගල උත්සව සඳහා සහභාගී විය යුතු ගණන 10 ක් ද අවමංගල කටයුතු සඳහා සහභාගී විය යුතු ගණන 20 ක් බව ද පැවැසෙයි. මෙල්බර්න් අයත් වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයට වන අතර, නගර වැසියන්ට නගර සීමාවෙන් පිටවීමට අවසර ලැබෙනු ඇත්තේ එළැඹෙන නොවැම්බර් 8 වැනිදා සිටය. ‘පසුගිය දින කීපයේ කිසිදු ආසාදිතයකු වාර්තා වූයේ නැහැ. ඒ අනුව, සෞඛ්‍ය  බලධාරීන් පවසන්නේ, දෙවැනි රැල්ල මුළුමනින්ම පාලනය කර ගැනීමට හැකිවුණු බවය. සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපඳිමින්, නිරෝධායන තහංචිවලට ගරු  කරමින් මෙල්බර්න් වැසියන් කටයුතු කළ  නිසා කොරෝනා දෙවැනි රැල්ල පාලනය වුණා. 

ලැබූ එම ජයග්‍රහණය අයිති මෙල්බර්න් වැසියන්ටයි. ඔවුන් ඒ ගැන ආඩම්බර වෙන්න ඕනෑ යැයි වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුකාර ඩැනියෙල් ඇන්ඩෲස් පවසා තිබේ. මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා  වන කොරෝනා ආසාදිතයන් ගණනද 20,341 ක් වන අතර පූර්ණ සුවය ලැබූ ගණන 19,366 කි. මරණ වාර්තා වූයේ 817 ක් ලෙසිණි. ඔස්ට්‍රේලියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 27,528 පසු කර තිබේ. සුවය ලැබූ ගණන 25,199 ක් වන අතර සමත මරණ වාර්තා වන්නේ 905 ක් ලෙසිණි.