කොළඹ මැරින් ඩ්‍රයිව් (Marine Drive) හි පිහිටි NDB ශාඛාවේ සේවකයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම සේවකයා 

මැරින් ඩ්‍රයිව් (Marine Drive) හි ශාඛාවේ සේවය කරමින් සිටියදී මිනුවන්ගොඩ සමග පැවති සම්බන්ධතා නිසා මෙම රෝගය වැළඳෙන්නට ඇතැයි එහි දැක්වා ඇත.

අදාළ සේවකයා සමග සිටි අය නිරෝධායනයට පියවර ගෙන ඇති බවත්

විෂබීජහරණයෙන් පසු හෙට (13) එම ශාඛාව නැවත විවෘත කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.