මහරගම ජාතික අධ්‍යාපනආයතනය තුළ 400 දෙනකුට පමණ නිරෝධායන පහසුකම් සැපයීමට නියමිත අතර ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ කටයුතු හා විෂබීජහරන කටයුතු මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිදුකිරීමට නියමිතය.

මීට පෙර ගුරුවරුන් 300 දෙනකු පමණ මෙහි අධ්‍යාපනය හදාරමින් සිටි අතර ඔවුන් යුදහමුදා බස්රථ වලින් ඉකුත් 10 රැගෙන ගිය බව ද ජාතික අධ්‍යාපන ආයතනයේ පිඨාධිපති යෝගරාජන් කිරිබානන්දන් පැවසුවේය.


ඒ අනුව ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා සිදු කෙරෙන බවද පැවසේ.

අකුරැස්ස, විල්පිට නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයද නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීම සඳහා යුද හමුදාව සූදානම් කර ඇති බව අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඒ අනුව යුද හමුදාව මගින් 500 දෙනෙකු සඳහා නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස සූදානම් කර තිබෙයි.

එහි අධ්‍යාපනය ලැබූ දෙවන වසරේ සිසුන් 60කට වැඩි ප්‍රමාණයක් යුද හමුදා බස්රථ මඟින් ඔවුන්ගේ නිවෙස්වලට පිටත්කර හැරීමට කටයුතු කළ අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට නියමිතව ඇත.

ඉන්පසු අදාළ නිරෝධාන මධ්‍යස්ථානයේ පී.සී. ආර්. පරීක්ෂණ සහ විශබීජහරණ කටයුතු ඇතුළු සෞඛ්‍ය කටයුතු අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදුකෙරෙන බව එම කාර්යාලය පවසයි.

මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න  හා එස්. ඩී. කොඩිකාර