නෙහාරාගේ මේනක ගේ කැදැල්ලට අමුත්තෙක් එකතුවෙන්න යනවානේද?

ඔව්. එ ආරංචිය හරි.


දැන් නෙහාරා අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ ?

ඔව්. මම අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ. අපි දෙන්නාගේම පවුලේ හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා එ

අවස්ථාව එනකම්.


මේනකගෙන් ලැබෙන්නේ මොනව ගේ සහයෝගයක්ද?

මම ප්‍රෙග්නට් වෙච්ච වෙලේ ඉඳන් මලක් වගේ මාව පරිස්සම් කරනවා. හැමදේම සොයා බලනවා. මුල්කාලයේ මට හරියට අමාරු වුණා. එ හැම අවස්ථාවකම මේනක මා ගැන සොයා බැලූවා. මටහිතාගන්නවත් බැහැ එ තරමටම මේනක මාව පරිස්සම් කරනවා. ගෙදරින් ලැබෙන සහයෝගය වචනයෙන්විස්තර කරන්න අමාරුයි.


නෙහාරා කැමැති දුවෙකුටද? පුතෙකුටද?

එහෙම නැහැ. දෙන්නාගෙන් ඕනෑම කෙනෙක්.


එතකොට මේනක?

මේනකත් එහෙම තමයි.


ගෙදර තියෙන්නේ මොනවගේ සූදානමක්ද තියෙන්නේ ?

මටයි මේනකටත් වඩා මගේ තාත්තා තමයි නිතර මහන්සිවෙන්නේ. එයා හරියට සූදානම් වෙනවා. තීන්ත එහෙම ගාලා අපේ අලූත එත පැටියා පිළිගන්න තමයි ඉන්නේ. තවම බබා ඉපදිලත් නැහැ,

ගෙදර ඉඳලා එනකොට මොනවා හරි අරගෙන එනවා. මගේ තාත්තා පළමු වතාවට තමයි සීයා කෙනෙක් වෙන්නේ. මොකද මල්ලිට තවම බබාලා නැහැ. හැමෝම සූදානම් වෙනවා.


නෙහාරාට සෑහෙන කාලයක් රඟපෑමෙන් ඉවත්වෙන්න වෙයි නේද?

මම එහෙම හිතන්නේ නැහැ.  ලබන අවුරුද්දේ මම හිතනවා මට මාර්තු මාසයේ විතර ඉඳලා වැඩකරන්න පුළුවන් වේවි කියලා.


අම්මා කෙනෙක් වුණා කියලා රඟපෑමෙන් සමුගන්න අදහසක් නැතිද?

එහෙම දැනට අදහසක් නැහැ. අම්මා කෙනෙක් වශයෙන් දරුවාට මූලිකත්වය ලබාදෙනවා. දරුවාගේ වැඩ කරන්න නම් කට්ටිය ඉන්නවා. නමුත් දරුවාගේ සියලූ වැඩකටයුතු මගේ අතින් සියල්ල සිදුකරන්න තමයි හිතාගෙන ඉන්නේ.


කාර්යබහුල අම්මා කෙනෙක් විදිහට මේනකට මොනවගේ සහයෝගයක් ඉදිරියේදී ලබාදිය හැකිද?

මම එ කාලේ ඉඳන් මේනකටත් කියපු කතාවක් තමයි බබාලා හිටියා කියලා එයා ගේ වැඩවත් එයාගේ වැඩවලට ලබාදෙන උදව්වත් ප‍්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලා. සමබරව සියලූම වැඩකටයුතු කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ.


ජීවිතයේ ඉදිරි සැලසුම් ?

අපි දෙන්නාගේම එක ලොකු හීනයක් තියෙනවා. එ් සිහිනය සැබෑ වුණහම කියන්නම්.

(සාකච්ඡාව - දිනේෂ් විතාන)