කොළඹ නගරයේ සහ අනෙකුත් තෝරාගත් නගරවල බහුමහල් රථගාල් ඉදිකිරීම සමඟ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ නගරය තුළ සහ බත්තරමුල්ල, අනුරාධපුර සහ මහනුවර යන නගරවල ස්ථාන 08ක සාමාන්‍ය ක්රමයේ බහුමහල් රථගාල් සහ යාන්ත්‍රික රථගාල්
එමෙන්ම ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල් ව්‍යාපෘතිය තුළින්ම පෙර විකුණුම් පදනම මත උත්පාදනය කිරීමට හැකි වන පරිදි නිවාස ඒකක, කාර්යාලයීය ඉඩ පහසුකම් ඇතුළුව වෙනත් සුදුසු ව්‍යාපෘතිද සහිතව නාරාහේන්පිට, පිටකොටුව ටෙලිකොම් රථගාල, කොළඹ 07 ඔටර්ස් ක්‍රීඩා සමාජයේ පිහිටි ඉඩමේ රථගාල, කොළඹ කින්සි ඇවනිව් යන ස්ථානවල සාමාන්‍ය ක්රමයේ බහුමහල් රථගාල් සහ යාන්ත්‍රික රථගාල් ඉදිකිරීම සඳහා වන යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.
මීට අදාළව කැබිනට් පත්‍රිකාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබිණි.
- නවෝද්‍යා පවනි -
0 Comments