සියලුම ජාත්‍යන්තර හා පුද්ගලික පාසල් සඳහා ද හෙට සිට නිවාඩු ලබාදීමට



අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත. කෙසේ වෙතත් එම නිවාඩු ලබාදෙන ආකාරය මගහැරෙන වැඩ සංවිධානය කරගන්නා ආකාරය ඒ ඒ පාසල් මගින් සිසුන් හා දෙමාපියන් දැනුවත් කිරීම වෙනම සිදුකරනු ඇති බවද අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය කරුණු තහවුරු කර තිබේ.
දිවයින පුරා ඇති සියලුම පෙර පාසල්ද හෙට සිට වසා දැමීමට තීරණය කර තිබෙන බව කාන්තා කටයුතු හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.
නැවත ඇරඹෙන දිනය පසුව දැනුම්දෙනු ඇති.