යෙහ් හායි මොහබ්බාටෙයින් නම් ඉන්දීය ටෙලි නාට්‍යයේ ප්‍රබල චරිතයක් වන ෂිරීන් මිර්සා COVID 19 සඳහා ධනාත්මක වී ඇත. ඇය අවසන් වරට රංගනයෙන් දායක වී ඇත්තේ යෙහ් හායි මොහබ්බාටෙයින්හි දිව්‍යංකා ත්‍රිපාති සහ කරන් පටෙල් සමඟයය. 

කෙසේවෙතත් රූපවාහිනී ටෙලි තරු වන ඩෙබිනා බොනර්ජි, ගුර්මීත් චෞද්රි, විකාස් කලන්ත්‍රි, ප්‍රියංකා චිබර්, පාර්ත් සම්තාන් වැනි රූපවාහිනී නළු නිළියන්ගෙන් පසුව නිළි ශිරීන් මිර්සා මෙසේ COVID-19ට ධනාත්මක වී තිබේ. නමුත් ඇය මීට සතියකට පමණ පෙරදී COVID-19 සඳහා ධනාත්මක පරීක්‍ෂණයන් සිදුකර තිබේ. එහෙත් ඇයගේ රෝග විනිශ්චය පිළිබඳ පුවත ප්‍රචාරය වීම සිදුවූයේ මෙම දින කිහිපය තුළදීය. කෙසේවෙතත් ශිරීන් මිර්සා මේ වන විට සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටියි.

ශිරීන් මිර්සා මෙසේ සුවය ලබමින් සිටින අතරතුරදී සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ඡායාරූපයක් බෙදාහදාගෙන තිබේ.

ඒත් සමඟ ඇය එහි ශීර්ෂපාඨයෙහි පින්තූරයක් බෙදා ගත්තාය. ඇය එහි ශීර්ෂ පාඨයෙහි සඳහන් කර ඇත්තේ "Don’t let the internet rush you, nobody is posting their failures." යනුවෙනි. කෙසේවෙතත් ඇය කොවිඩ් 19ට ධනාත්මක බව පවසා ඇත්තේ ETimes TV වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි. එමෙන්ම නිරෝධායනය අතරතුර, ලෝකය වෙනුවෙන් තමාට දෙයක් කිරීමට අවස්ථාවක් උදා වී ඇති බව ඇය තේරුම් ගත් බවත්, එකිනෙකාට කරුණාවන්ත ලෝකයක්  හා අන් අයව විනිශ්චය නොකරන ලෝකයක් නිර්මාණය විය යුතු බවද ඇය තේරුම්ගත් බවත් ෂිරීන් පවසා ඇත. එබැවින් ආදරය හා කරුණාව පතුරුවා හැර එකිනෙකාට ගරු කරන ලෙස ද තමන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කර තිබේ.

කෙසේවෙතත් ඇය මේ වන විට සිය පවුලේ අය සමඟ ජයපූර්හි සිටියි. එමෙන්ම තමාගෙන් අන් අයට වෛරසය පැතිරීමට ඉඩ නොදීම තමාගේ රාජකාරිය වන බව පවසන ෂිරීන් ඒ සම්බන්ධයෙන් තමා වැඩිදුරටත් සැලකිලිමත්ව සිටින බවද පවසා ඇත.


Rishmi Ishara