නව කොරෝනා වයිරස ආසාදිතයකු වී, වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා (4) රිය පෙරහරකින්, එම වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිටට රැස්වුණු සිය ආධාරකරුවන්ට අතවැනීමට ගියේය.  මේරිලන්ඩ් හි පිහිටි වෝල්ටර් රිඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් දහසකට ආසන්න පිරිසක් රැදී  සිටින්නේ ට්‍රම්ප්ට ඉක්මන් සුව පතමිනි.
ට්‍රම්ප් සිය ආධාරකරුවන්ට අත වැනීමට ගියේ ජනපති ආරක්ෂක අංශ නිලධාරින් පිරිවරා ගනිමිනි. රිය පෙරහැරට එස්.යූ.වී. වර්ගයේ රථ කීපයක් එක් වුණු අතර ට්‍රම්ප් එක් රථයක පසුපස අසුනට වී, මුහුණු ආවරණයක් පැලඳ වීදි  දෙපස සිටි පිරිසට අත වැනුවේය.  රථය පැදවූයේ ජනපති ආරක්ෂක අංශ නිලධාරීයෙකි. ඔහු මුහුණ ආවරණයක් පැලඳ සිටියේය.  එම රිය පෙරහැර මිනිත්තු කීපයකට සීමා වූ අතර, ට්‍රම්ප් යළි වෛද්‍ය මධ්‍යස්ථානයට ගියේය.


ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ  නොවැම්බර් 3 වැනිදාය. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වීමට නියමිතය. ට්‍රම්ප් සිය ආධාරකරුවන්ට අත වනන්න ගියේ ඔහු නිරෝගීව සිටින බව ඔවුන්ට ඒත්තු ගැන්වීමටය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිකාර ලබමින් සිටින්නේ , හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ 71 වැනි වාට්ටුවේ සියලු පහසුකම්වලින් පිරුණු අති සුබෝපබෝගී කාමරයකය. ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගත් ප්‍රභූවරුන් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් ඇතුළත් කරන්නේ මෙම  වෛද්‍ය මධ්‍යස්ථානයට බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තතා සඳහන් කර තිබේ.  ට්‍රම්ප් කඩිනමින් රෝහල්  ගත කෙරුණේ ඔහුගේ වයස  සහ ස්ථුලභාවය සැලකිල්ලට  ගනිමිණි. ට්‍රම්ප්ගේ වයස  අවුරුදු 74 ක් වන අතර ඔහු සිටින්නේ කොරෝනා අවදානම් වයස් කාණ්ඩයේය. හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ  වෛද්‍යවරුන් පැය 24 පුරා ට්‍රම්ප් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවත්, ට්‍රම්ප්ට සින්ක්, විටමින් ඩී, ෆැමොටඩීන්, මෙරටොනීන් සහ ඇස්ප්‍රීන් ලබා දෙන බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.

එක් මාධ්‍ය වාර්තාවක සඳහන් වූයේ ට්‍රම්ප්ගේ පෙනහළුවලට ඔක්සිජන් අඩු වූ බැවින් අවස්ථා දෙකකදී  ඔක්සිජන් ලබා දීමට සිදුවුණු බවය. ඔක්සිජන් අඩු වුණු බැවින්,ට්‍රම්ප්ට ස්ටෙරොයිඩ් වර්ගයේ ඖෂධ වැඩි මාත්‍රාවක් ලබා දීමට ද  වෙද්‍යවරුන් පියවර ගත් බව වාර්තා වේ. කොරෝනා වයිරසය පෙනහළුචල පටකවලට හානි සිදු කරන අතර පෙනහළු රෝගී වීමෙනි.  ප්‍රතිකාර ලබා ගන්නා අතරතුරේ ජතාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රිය පෙරහරකින්, සිය ආධාරකරුවන්ට අතවැනීමට සෑම වෛද්‍යවරුන්ගේ දැඩි චිරෝධයට හේතුවක් වී තිබේ. වෝල්ටර් රිඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ එය අණුවන ක්‍රියාවක් බවත් ට්‍රම්ප් ජනපති ආරක්ෂක අංශ නිලධාරින්ගේ ජීවිත පවා අනතුරේ දැමූ බවත්ය. ඇමෙරිකන් ජනපති ආරක්ෂක අංශය හැඳින්වෙන්නේ "සීක්‍රට් සවිස්" යනුවෙනි. ට්‍රම්ප්  වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිද්දී, රිය පෙරහරට එක් වූයේ  වෛද්‍යවරුන් එපා කියද්දී යැයි මේ වනවිට අනාවරණය වී ඇත.

ට්‍රම්ප්ගේ එස්.යූ.වී. රථය වෙඩි උණ්ඩ වළක්වනවා වෙන්න පුළුවන්. එහෙත්, කොරෝනා ආසාදිතයකු වන ට්‍රම්ප්ගෙන් අනෙක් අයට කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ඊට බැහැ.  මුහුණු ආවරණ පැලඳ සිටියත්, ටජ් අසල ගැවසුණු බැවින්, රථය පැදවූ සීක්‍රට් සර්විස් නිලධාරියාටත්, ඉදිරිපස අසුනේ සිටි අනෙක් නිලධාරියාටත් කොරෝනා ආසාදනය වීමේ දැඩි අවදානමක් තිබෙනවා. ට්‍රම්ප් රිය පෙරහරට එක් වූයේ  වෛද්‍ය නිර්දේශ සැලකිල්ලට නොගනිමින්. ඔහු උත්සහ ගත්තේ දේශපාලනික වාසි ගන්නයි. දේශපාලන වාසි වෙනුවෙන් ජීවිත බිල්ලට දෙන්න ට්‍රම්ප් පසුබට නැහැ. අප ඔහුටම විරුද්ධ වුණත් ඔහු ඊට කන් දුන්නේ නැහැ යැයි ට්‍රම්පට දොස් පවරමින් මෝටර් රිඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ජේම්ස් පිලිප්ස් මාධ්‍ය හමුවේ පවසා තිබේ. ‘කොවිච් 19' හෙවත් නව කොරෝනා වයිරසය ගැන තමන් නොදැන සිටි බොහෝ දේ දැනගැනීමට හැකිවුණැයි රෝහල්ගත කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම හරහා වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.


ප්‍රතිකාර ලබමින් සිටින ට්‍රම්ප් මේ වනවිට ට්විටර් ගිණුම ඔස්සේ, වීඩියෝ පණිවුඩ කීපයක් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඒ, තමන් යහතින් සිටින බවත්, රාජකාරි දිගටම කරගෙන යෑමට සුදුසු තත්වයක සිටින බවත් පෙන්වීම සඳහාය.  ජනපති ට්‍රම්ප් කොරෝනා වයිරසය හඳුන්වන්නේ 'චීන වයිරසය' යනුවෙනි. ඒ, වයිරසයේ ආරම්භය චීනයේ වූහාන් නුවරින් ආරම්භ වුණු බැවිනි. වයිරසය සම්බන්ධයෙන් නිසි අනතුරු ඇඟවීම් නොකළා යැයි ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කර තිබේ. ට්‍රම්ප් මැදිහත් වී,  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කිරිමට පියවර ගත්තේ ද ඒ අනුවය.  කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට අසමත් වූ බවත්, මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම ආදී සෞඛ්‍ය නිර්දේශ ට්‍රම්ප් සමච්චලයට ලක් කළ බවටත් චෝදනා එල්ල වී තිබේ.