බ්‍රිතාන්‍යයේ ඔක්සෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සහ ඇස්ට්‍රා සෙතෙකා ඖෂධ නිෂ්පාදන සමාගම් වෛද්‍ය පර්යේෂකයන් එක්ව නිපදවා ඇති, තවමත් පර්යේෂණ මට්ටමේ පවතින, කොරෝනා මර්දන එන්නත ස්වේච්ඡාවෙන් ලබා ගත් බ්‍රසීල ජාතික වෛද්‍යවරයකු මියයාමත් සමග මහත් ආන්දෝලනයක් හටගත තිබේ. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරිමට රුසියාව එන්නත් දෙකක් ද චීනය එක් එන්නතක් ද හඳුන්වා දී ඇති අතර, අවසන් සායනික අත්හදා බැලීම් සිදු කරන අතරතුරේ ඒවා ජනතාවට ලබා දිම ආරම්භ කර ඇත. රුසියානු සහ චීන වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, එම එන්නත්වලින් කිසිදු අතුරු ආබාධයක් නැති බවය.
ආරක්ෂිත මෙන්ම සාර්ථක එන්නතක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා විශ්වාසය තබා ඇත්තේ මෙම ඔක්සෆර්ඩ් එන්නත කෙරෙහිය.
බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය ජෝහා පේද්‍රෝ ගේ මරණය සම්බන්ධයෙන් සියලු වාර්තා ඔක්සෆර්ඩ් පර්යේෂණය යොමු කර ඇති බවත් සිදුවුණේ කුමක්දැයි යන්න සොයා බැලීම ආරම්භ කළ බවත් පෙරේදා (21) වාර්තා විය. ඊයේ (22) ඔක්සෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සහ ඇස්ට්‍රා සෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගම නිකුත් කළ නිල නිවේදනයේ දැක්වූයේ, බ්‍රසීල සෞඛ්‍ය අංශ තමන් වෙත එවනු ලැබූ එන්නත ස්වෙච්ඡාවෙන් ලබා ගත්තා බව පැවැසූ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවේ වෛද්‍ය ජෝහා පේද්‍රෝගේ තම සඳහන් නොවූ බවය. ඔහුට එන්නත ලබා දී ඇත්තේ, ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ කිසිදු වාර්තාවක් තමන්ට ඉදිරිපත් නොකර බවත් ඔක්සෆර්ඩ් වෙද්‍ය පර්යේෂකයන් වැඩිදුරටත් පවසා ඇත. කෙසේ නමුත් සිදුවීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සොයා බලන බවත්, එන්නත අත්හදා බැලීම් නවත්වන්නේ නැති බවත් ඔක්සෆර්ඩ් පර්යේෂකයෝ වැඩි දුරටත් කියා සිටිති.
0 Comments