
දැනට කොරෝනා ආසාදිත බවට තහවුරුවී තිබෙන බ්‍රැන්ඩික්ස් ආයතනයේ කළමනාකරුවන් 8 දෙනෙකු සහභාගීවූ සාදයක් හරහා ආයතනයට කොරෝනා පැමිණයේද යන්න ගැන සැකයක් විමර්ශන කණ්ඩායම් වලට හසුවී තිබේ.
ඉකුත් 25 වනදා කටුනායක එයාර් පෝට් ගාර්ඞ්න් හෝටලයේ පැවති සාදයකට
විදෙස් ගතව සිට ලංකාවට පැමිණෙන ගුවන් සේවාවල සේවය කරන පිරිස් නිරෝධානයනය සදහා යොදාගන්නා හෝටලයක් වූ මෙම ස්ථානයේ පැවති කිසියම් දුර්වලතාවක් නිසා මෙම පිරිසට කොරෝනා වෛරස නිරාවරණයවූයේද යන්න සැකයක් පැනනැගී ඇත.
25 වනදා එම සාදය පැවතීමෙන් පසු දින 26 වනදාද බ්‍රැන්ඩික්ස් ආයතන පරිශ්‍රයේ සංගීත සන්දර්ශනයක් පැවත්වී ඇත.
ජනප්‍රිය සංගීත කණ්ඩායමක්ද සහභාගිවූ එම සාදයට පෙරකී කළමනාකරුවන් පිරිසද එක්ව ඇත.
එම අවස්ථාවේ කළමනාකරුවන් හා සේවකයින් සුහදව එක්ව හැසිරී ඇති අතර වෛරස අංශු පැතිරයාමක් සිදුවූයේද යන්න පරීක්ෂණ සිදුවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval