උසස් පෙළ විභාගය ලබන සඳුදා (12) ආරම්භ කිරීමට මින් ඉහත දින නියම කර තිබෙයි. ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ඉරිදා (11) ය.

නව කොරෝනා රැල්ලක අවදානම මතුව ඇති හෙයින්  දැනට දින නියම කරගෙන තිබෙන උසස් පෙළ සහ පහ ශ්‍රේණියේ
ශිෂ්‍යත්ව විභාග කල් දමනවාද නැද්ද යන්න කැබිනට් මණ්ඩලයේ දී අද (05) සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතය.
හදිසියේ උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිවරයා සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා අතර ඊයේ (04) පෙරවරුවේ සාකච්ඡාවක් ද පැවැති අතර සියලු පාසල්වල දෙවැනි වාරයේ නිවාඩුව  ලබන 09 වැනිදා නොව අද (5) සිට ආරම්භ කිරීමට තීරණය කළේ ඉන් පසුවයි.
කොළඹ ගම්පහ පෞද්ගලික උපකාරක පන්ති ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.
උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ වැනි සියලුම උපකාරක කටයුතු අනිද්දා (07) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරෙන අතර ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක කටයුතු 08 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරේ.