පුද්ගලයින් 37 දෙනෙකු කොවිඩ් – 19 ආසාදිතයින් බවට හඳුනාගත් අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක මාලිගාතැන්න, කූරිකොටුව සහ එළුවාපිටිය යන ප්‍රදේශවලට අයත් ග්‍රාමසේවා වසම් 07ක් අද (11) සිට වසා දමමින් අධිආරක්ෂිත කලාපයක් බවට පත් කිරීමට පියවර ගත් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

මේ අනුව එම ප්‍රදේශයට අතුළුවීම සහ ඉන් පිටවීම

සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

එම ග්‍රාමසේවා වසම් 07 තුළ පවුල් 3,688කට අයත් පුද්ගලයින් 12,600ක් පමණ වන පිරිසක් ජීවත්වෙති.

එලුවාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරු සිවුනමකට සහ ගිහි පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අතර 05 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින දරු දැරියන් සඳහා එම විහාරස්ථානයේදී ඊයේ (10) බෝධිපූජාවක්ද පවත්වා ඇත.

මේ තත්වය හමුවේ වෛරසය තවදුරටත් සමාජයේ පැතිරීයාම වැලැක්වීම සඳහා මෙලෙස එම ග්‍රාමසේවා වසම් 07 වසා දමා තිබේ.