මඩකලපුව, කලවන්චිකුඩි තේට්‍රාතීවු ප්‍රදේශයේ විමුක්ති කොටින් විසින් සඟවා තැබුවා යැයි පවසන රත්රන් හා ආයුධ සොයා පෙරේදා (10දා) දවස පුරා සෝදිසි මෙහෙයුම් සිදු කළ බව කලවංචිකුඩි පොලීසිය පවසයි.
පෙරේදා සවස රාත්‍රියේ තේට්‍රාතීවු සුසාන භූමිය පාරේ මුහුදු වෙරළට යාබදව ෆයිනස් කැලෑවේ සැකකටයුතු ලෙස ඇවිද ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී සැකකරු විසින් එල්. ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් පසුගිය යුද සමයේදී රත්රන් සඟවා ඇති බවට කරන ලද ප්‍රකාශය මත සෝදිසි මෙහෙයුම් අරඹා තිබේ.
ඒ අනුව කලවන්චිකුඩි සංචාරක අධිකරණයේ අවසරය ලබා මන්මුනේ දකුණ එරුවිල්පත්තු ප්‍රාදේශීය සභාව, කලවන්චිකුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
එම අවස්ථාවට මන්මුනේ දකුණ එරුවීල් පත්තු ප්‍රාදේශීය සභා සභාපති යෝගනාදන් කලවන්චිකුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම් සත්තිය ගෞරී තරනීදරන් මහත්වරුන් ඇතුළු පිරිස් සහභාගී වී සිටියහ.
තවද විශේෂ කාර්ය බළකාය හා හමුදාව මෙම සෝදිසි කටයුතු සඳහා සහයෝගය දක්වන ලදී.
පෙරේදා (10දා) උදේ සිට ක්‍රියාත්මක කරන ලද රත්රන් සෙවීමේ කටයුතුවලදී කිසිවක් සොයා නොගත් අතර කැණීම් කටයුතු තාවකාලිකව නතර කර තිබේ.
- ජවුෆර් කාන් -
0 Comments