බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ.සි.ඵල්. අමරසේකර මහතා අද (29දා)

පස්වරුවේ  හදිසියේ රෝගාතුර වී කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව  මිය ගොස් ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තකට සහභාගී වී පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී

මෙසේ රෝගාතුර වී ඇත.


මරණයට හේතුව තවම අනාවරණය වී නැත.

ස්ථානාධිපතිරයාගේ දේහය මෙ වනවිට කිරිබත්ගොඩ රජයේ රෝහලේ තබා ඇති අතර මරණ පරික්ෂණය

පැවැත්වීමට නියමිතය.

පසුගිය දිනවල බියගම නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තා වී තිබුණ අතර

ස්ථානාධිපතිරයා සම්බන්ධ පීසීආර් පරීක්ෂණයක් පවත්වනු ඇති බවද වාර්තාවේ.