විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙරිලන්ඩ් හි වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළත් කර ඇති බවය.
ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරුවීමෙන් පැය 17 කට පසුව හෙලිකොප්ටර් යානයක් මගින් ධවල මන්දිරයේ සිට හමුදා රෝහල වෙත රැගෙන විත් තිබේ
74 වන වියේ පසුවන අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් හට කොරෝනා වෛරසය වැළඳී ඇති බව ඊයේ පරීක්ෂණවලින් තහවුරු විය.
අමෙරිකානු ජනාධිපතිවරයාට වෛරසය ආසාදනයවන්නට ඇතැයි සැක කෙරෙන්නේ ඔහුගේ උපදේශිකාවකගෙනි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙලෙස කොරෝනා ආසාදනයන වුණේ, අමෙරිකානු ජනාධිපතිවරණය ද ඉතා ආසන්නයට පැමිණි අවස්ථාවකය.
ලබන මස 03 වැනි දා අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබේ.
කොරෝනා වසංගතයට මුහුණදීමට නොහැකි වූ අමෙරිකාව මේ වනවිට රෝගීන් හා මරණ වාර්තාවීම අතරින් පත්ව සිටින්නේ ලොව පළමු ස්ථානයටයි.
අමෙරිකාවෙන් මේ වනවිට වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැත්තැ පන් ලක්ෂ හතලිස් නමදහස් හැත්තැ තුනකි.