
මේ වනවිට පවතින්නා වූ කොවිඩ් දෙවන රැල්ලේ මුලාරම්භය විදේශ රටකින් පැමිණියාක් වියහැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ
තව දුරටත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරන්නේ ” ඒ අනුව මෙරට සමාජය තුළ කොවිඩ් තිබුණේ නෑ. කොළඹ ප්‍රදේශය ගත්තත් සමාජයෙන් ආපු අවසාන පුද්ගලයා හිටියේ අප්‍රේල් මාසේ 30වැනි දා. විදේශ රටවලින් ලංකාවට පිරිස් පැමිණියා. මුහුදු කටයුතු සම්බන්ධයෙන් විදේශ රටවලින් ආපු 06දෙනෙක් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙලා තියෙනවා. ඒ අනුව බැලුවාම යම්කිසි ආකාරයක සොයා ගැනීම් අපි කරලා තියෙනවා. නමුත් අවසන් වශයෙන් ස්ථීර වෙනකම් කියන්න හැකියාවක් නැති තත්ත්වයක් තියෙන්නේ.” යනුවෙනි.
අද (18) උදෑසන දෙරණ අරුණ රුපවාහිනී වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval