මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් දෙදෙනෙකු නිදහස් කිරීමට අඹන්පොළ පොලිස් ස්ථානාධිපති ලෙස පෙනී සිටි මත්ද්‍රව්‍ය සමබන්ධයෙන් මරණීය දඩනයට ලක්ව සිටින අයෙකුට ඊසි කෑෂ් හරහා මුදල් ලබා ගැනීමට උපකාර කළ බවට සැක කරන කාන්තාවක ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව අඹන්පොළ පොලීසිය පවසයි.
රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාත්තාවක මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පසුගිය 16 වැනිදා අඹන්පොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් දෙදෙනා නිදහස් කිරීමට අඹන්පොළ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිට ඇති සැකකරු ඔවුන්ගේ මවුපියන්ටදුරකථනයෙන් කථා කර, ජංගම දුරකථන අංක දෙකක් වෙත ඊසි කෑෂ් ක්‍රමයට රුපියල් 18,000 ක මුදලක් මෙම සැකකාර කාන්තාව හරහා ලබාගන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලීසිය සදහන් කළේය.
අත්අඩංගුවට පත් සැකකාර කාත්තාවගේ සැමියාද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණීය දණ්ඩණයට ලක්ව බන්ධනාගාරගතව සිටින අතර, ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරු සහ සැකකාර කාන්තාවගේ සැමියා බන්ධනාගාරයේදී මිත්‍රව මෙම කාත්තාව හරහා මෙලෙස මුදල් ගෙන්වා ගෙන ඇති බවට පරික්ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය සදහන් කරයි.
සැකකාරිය දෛනික කුලී වැඩ කරමින් ජිවත්වන්නියක බවත්, මෙලස ඇය හරහා ගෙන්වා ගන්නා මුදල්වලින් කොටසක් ඇයටද ලබා දී ඇති බවටද පරික්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකාරිය මහව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත් සඳසිරි මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් සැරයන්වරුන් වන රත්නායක, හේරත්, දිසානායක, පො.කො. රුවන් යන නිලධාරින් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.
- ප්‍රියාණි මංගලිකා -
0 Comments