පාර්ලිමේන්තුව ආවරණය කළ මුද්‍රිත මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඔහු පෞද්ගලික රෝහලකින් පලමු පි.සි.ආර් පරීක්ෂණය සිදු කර ඇති අතර එහිදී ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබේ.
ඒ අනුව ලබන සතියේ පාර්ලිමේන්තු වාර්තාකරණය ආවරණය කිරීම මාධ්‍ය වෙත විවෘත නොකිරීමට වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මේ වන විට තීරණය කර ඇති බවයි වාර්තා වේ.
කෙසේ වෙතත් අදාළ මාධ්‍යවේදියාගේ දෙවන පී.සී.ආර් පරීක්ෂණය රජයේ රෝහලකින් සිදු කිරීමට නියමිත අතර එහි වාර්තාව ලැබීමෙන් පසුව පාර්ලිමේන්තුව ආවරණය කළ මාධ්‍යවේදීන් ස්වයං නිරෝධායනයට ලක්විය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.
Comments
Post a Comment
Your comment will be visible after approval