කොවිඩ් ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා තිබේ. එහි සේවකයෝ සිය නේවාසිකාගාරවල රැඳී සිටින බව පැවසේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අදාළ කම්හල් වල ප්‍රකාශකයන් පැවසුවේ කොරෝනා ආසාදිතයින් සිටින බවට වූ සැකය මත පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බවයි.
සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් සොයා බලන ස්ටෑන්ඩප් මූවමන්ට් ලංකා සංවිධානයේ විධායක
එම ආයතනවල සේවය කරන සේවකයන් සමග එකට නේවාසිකව සිටින වෙනත් ආයතනවල සේවක පිරිස් අදත් සේවයට වාර්තා කර ඇතැයි ද වාර්තා වනවා. එය අවදානම් තත්ත්වයක් යැයි ද දන්දෙනිය මහත්මිය පවසනවා.
0 Comments