එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය ගත් තීරණය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එක්සත් රාජධානිය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් පනවා තිබූ තහනමට එරෙහිව දමිළ ඊළාමය සඳහා සංක්‍රාන්ති රජය නම් සංවිධානය ඉදිරිපත් කර තිබූ ඇපෑල විභාගයට ගැනීමට එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනා කොමිෂන් සභාව ගත් තීරණය සම්බන්ධයෙන් සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාව එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරමින් එහි අමානුෂික ත්‍රස්තවාදී කටයුතු නවතා දැමුවද,
මේ අතර ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව එක්සත් රාජධානිය තුළ පනවා ඇති තහනමට එරෙහිව දමිළ ඊළාමය සඳහා සංක්‍රාන්ති රජය නම් සංවිධානය ඉදිරිපත් කර තිබූ ඇපෑල විභාගයට ගැනීමට එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනා කොමිෂන් සභාව ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව ඇති බවයි.
එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ එරට තහනම් සංවිධාන ලැයිස්තුවට එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළත් කර තිබූ අතර, එය ඉවත් කරන ලෙස දමිළ ඊළාමය සඳහා සංක්‍රාන්ති රජය ඉදිරිපත් කළ ඉල්ලීම 2019 මාර්තු 08 වැනිදා ප්‍රතික්ෂේප කිරීමටට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් 2019 මැයි මාසයේදී ඉදිරිපත් කළ ඇපෑලක් සලකා බලමින් එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනාධිකරණය විසින් මෙම තීරණය ගෙන තිබේ.
මෙම ඇපෑල විනිශ්චය කිරීමේදී ශ්‍රී ලංකා රජය එහි පාර්ශ්වකරුවෙකු නොවූ බවත්, ඍජු නියෝජනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව නොලැබුණු බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදාළ තොරතුරු ලබාදීමෙන් ශ්‍රී ලංකා රජය එක්සත් රාජධානියේ රජයට අඛණ්ඩව සහාය වූ බවත්, මෙම නඩුවේ ප්‍රගතිය පිළිබඳ ශ්‍රී ලංකා රජය අඛණ්ඩව නිරීක්ෂණය කරන බවත් අමාත්‍යාංශය පවසයි.
එල්.ටී.ටී.ඊ.යේ අවශේෂ සහ එහි ත්‍රස්තවාදී මතවාදයට අනුකුල කණ්ඩායම් විදේශ රටවල ක්‍රියාකාරී බවත් ප්රචණ්ඩත්වය උසිගැන්වීමට සහ රට අස්ථාවර කිරීමට ක්‍රියා කරන බවට ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ශ්‍රී ලංකා රජයට ඇති බවත් විදේශ අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාව සිය ජාතික ආරක්ෂාවට මෙන්ම කලාපයේ තර්ජනයන් පිළිබඳ සුපරික්ෂාකාරිව සිටින බවත්, ත්රස්තවාදයට එරෙහි ගෝලීය අරගලයේදී ජාත්‍යත්තර ප්‍රජාවේ සාමාජිකයන්ට සැමවිටම සහාය වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
0 Comments