2 pm update
බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටා තිබෙන පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවකයෙකුගේ සමිපතයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම අංශයේ අතිරේක ලේකම් එච්.ඩි.එස්. මල්කාන්ති පවසා ඇත්තේ එය අසත්‍ය බවයි.

” අප අංශයේ සේවකයෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට මේ දක්වා තහවුරු වී නැහැ.
නමුත් එම සේවකයාගේ පවුලේ හිතවත් පවුලක අයෙකු බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් බවට දැනුම් දී තිබීමක් පමණක් ආරංචියක් තිබෙනවා. මේ වන විට එම සේවකයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී නැහැ. 
පවතින වත්මන් තත්ත්වය මත අප අංශයට භාහිර පුද්ගලයින්ගේ පැමිණීම සිමා කොට පවතින අතර එහි සේවය කරනු ලබන නිලධාරීන් සිය දෛනික කටයුතු සිදුකරමින් පවතිනවා”‍
ඇය කීවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල්ද සිල්වා මහතා උදෑසන වැඩක් කරගන්නට එම ස්ථානයට ගියද රස්තියාදුවීම ගැන කළ පැමිණිල්ලට උත්තර ලෙස කතානයක සභාගත කළ ප්‍රකාශය ඒ අනුව සත්‍යයෙන් තොර විය.

12.30pm
බත්තරමුල්ල පැලවත්තේ පිහිටා ඇති පාර්ලිමේන්තු කටයුතු සේවක අංශයේ සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

ඒ අනුව එම අංශයේ සියලු දෙනා පරීක්ෂාවට ලක්කර ඇති බවත්

එම පරිශ්‍රයට කිසිවෙකුටත් ඇතුළුවීමට අවස්ථාව නොමැති බවත් ඔහු පැවැසීය. පාර්ලිමේන්තු කටයුතු සේවක අංශයෙන් සේවාවක් ලබා ගැනීම වෙනුවෙන් එහි ගිය තමන්ට විනාඩි 35ක පමණ කාලයක් පිටතට වී සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල්ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ අදහස් දැක්වීමට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.