සැලසිනේ ආයතනය සීමිත වගකීම් සහිත සමාගමක් ලෙස සංස්ථාපනය කිරීමට අදාළ කැබිනට් අනුමැතිය හිමිවූ බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය විය.
2020 සැප්තැම්බර් මස 09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැ.වීමේදී එළඹි තීරණය අනුව, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වෙනම වාණිජ
ඒකකයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසිනේ රූපවාහිනී ආයතනය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අනුයුත්ත කිරීම පිණිස අනුමැතිය ලබා දී ඇත. එහෙත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සහ සැලසිනේ ආයතනයේ වාණිජ පරමාර්ථයන් එකිනෙකට වෙනස් බැවින් ජනමාධ්‍ය ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද වැඩිදුර කරුණු සැලකිල්ලට ගෙන සැලසිනේ රූපවාහිනී ආයතනය සීමිත වගකීම් සහිත සමාගමක් ලෙස සංස්ථාපනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval