මුඛ ආවරණ පැලඳීම නීතියක් බවට පත්කර තිබෙන නිසා මුඛ ආවරණවල ප්‍රමිතිය පිළිබඳ හා මුඛ ආවරණවලට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
පදික වේදිකාවේ පවා තබාගෙන විවිධ රෙදි වර්ගවලින් සකස් කළ මුඛ ආවරණ විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවත්, මේ නිසා මුඛ ආවරණවල ප්‍රමිතිය හා උපරිම මිල පිළිබඳවත් නීති සකස් කළ යුතු බවත් එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.
කෝවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට අමතරව වෙනත් රෝගාබාධවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ පැලඳීම ඉතාමත් වැදගත් බවත්, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
මුඛ ආවරණ පැලඳිය යුතු බවට නීතියක් පනවා තිබෙන නිසා අඩු ආදායම්ලාභීන්ට පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් මාර්ගයෙන් හෝ වෙනත් රජයේ ක්ෂේත්‍ර නිලධාරින් මාර්ගයෙන් මුඛ ආවරණ ලබාදීමේ වැඩපිළිවෙළක්ද සකස් කළ යුතු බවද සභාපතිවරයා පවසා සිටියේය.
- ඉන්දික හේවාවිතාරණ -
0 Comments