ගම්පොල ගල්පාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම පුද්ගලයා අද දිනයේදී ගම්පොල මූලික රෝහලේදී පරීක්‍ෂණයට ලක් කෙරුනා.

එම අවස්ථාවේදී ඔහුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී ඇති අතර මේ වන විට රෝගියා IDH රෝහල වෙතට මාරු කර යවා තිබෙනවා. ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතන සේවකයන් සමඟ විනෝද චාරිකාවකට සම්බන්ධ වූ පුද්ගලයෙකු බවයි ගම්පොල ශික්ෂණ රෝහල අප වෙත සඳහන් කළේ.