නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය සදහා එන්නන් බහුලව ලබාගත හැකි වන තෙක් මිනිසුන්ට මුඛ ආවරණයක් පැලඳීමට සිදුවන බවන්, බොහෝවිට ලබන වසර දක්වාම මෙම මහජන සෞඛ්‍ය පුරුද්ද නිවැරදිව සිදුකිරීමට සිදුවනු ඇති බවත් එක්සත් ජනපදයේ බෝවන රෝග පිළිබද විශේෂඥයෝ අවධාරණය කරති.
අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසිගේ කාර්යමණ්ඩලයේ ඉහළ නිලධාරින් දෙදෙනෙකු තර්ක කරනු ලැබුවේ ප්‍රසිද්ධියේ කතා කිරීම සඳහා මුඛ ආවරණය පහළට අදින පුද්ගලයන් මෙම මහජන සෞඛ්‍ය පුරුද්ද මගහරින බවය. එම ආයතනයේ සායනික සහායක වෛද්‍ය ඇන්ඩියා ලර්නර් සහ ෆවුසිගේ මාණ්ඩලික ප්‍රධානී ශ්රෙග් ෆොල්කර්ස් පළ කරන ලද ලිපිය ඇමෙරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලයෙහි පළ කෙරිණි.
රෙදි මුඛ ආවරණයක් හෝ පැලඳීමේ වැදගත්කම පැහැදිලි කළ ඔවුහු, මෑතකදී එක්සත් ජනපද සෙනට් සභික රැන්ඩ් පෝල් විසින් මුඛ ආවරණ සම්බන්ධයෙන් සිදුකළ විවේචනයට එරෙහිව පෙනී සිටියහ. විශේෂයෙන්ම මුඛ ආවරණයක් පැලඳීමේ අවශ්‍යතාවයෙන් මිදීමට, නිතිපතා පරීක්ෂණ පැවැත්වීම පමණක් ප්‍රමාණවත් නොවන බව ඔවුන් අවධාරණය කළේය.
මුඛ ආවරණයක් මගින් මිනිසුන්ගේ මුඛයෙන් සහ නාසයෙන් පිටවන විශාල අංශු අවහිර කිරීමක් සිදුකරනු ලබන බව තේරුම්ගත යුතු අතර, විද්‍යාවට පයින් ගසා තර්ක ගොඩනැගීමෙන් පළක් නොවන බවද ඔවුහු අවධාරණය කරති. එහිදී මෑතකාලීන වාර්තා පෙන්වා දෙන්නේ වාතයේ වැඩි දුරක් හෝ වේලාවක් ඉතිරිව ඇති එරොසෝල්ස් හෙවත් ඉතා කුඩා අංශු වායුවක විසිර තිබෙන පද්ධති ඇතැම් තත්ත්වයන් යටතේ SARS-CoV-2 හෙවත් COVID-19 වෛරසය සම්ප්‍රේෂණයට සම්බන්ධ වී ඇති බවය. විශේෂයෙන්ම පිරිසක් අධිකව ව්‍යායාම් සිදුකරන අඩු වාතාශ්‍රයක් සහිත පරිසරයක් මෙවැනි අවස්ථාවකට රුකුල් සපයන අතර, මගීන් පිරී ඇති බස් රථයක්ද මීට හේතු විය හැකි බව ඔවුහු පවසති.
ඒ අනුව ආලෝක විසිරන අත්හදා බැලීම්වලින් පෙනී ගොස් තිබුණේ මිනිත්තුවක් හඩනගා කතා කිරීමේදී, සංවෘත හා වාතය චලනය වීමක් දැකිය නොහැකි, වාතය එකතැන රැඳී ඇති පරිසරයක එම වාතයේ වෛරසය අඩංගු එරොසෝල්ස් 1,000ක් පමණ ජනනය කළ හැකි බවය.
එම නිසා ඔබ මුඛ ආවරණයක් පැලඳ සිටීමේදී, ඔබට යමෙකු සමඟ කතා කිරීමට අවශ්‍ය වූ විට මුඛ ආවරණය ගලවා කතා කිරීම කිසිසේත්ම නොකළ යුත්තක් බවත්, එය වෛරසය ආසාදනය වීමට තුඩුදිය හැකි වැරදි සෞඛ්‍ය පුරුද්දක් බවත් ඔවුහු පෙන්වා දෙති. විශේෂයෙන්ම සීත කාලය පැමිණන වටපිටාවක අනිවාර්යයෙන්ම
SARS-CoV-2 හෙවත් නව කොරෝනා ආසාදනය වූවන්ගෙන් 40%ත් 45%ත් අතර පිරිසක්, කිසි විටෙකත් රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටියද, ඔවුන්ටද තවදුරටත් වෛරසය තවත් අයෙකු වෙත සම්ප්‍රේෂණය කළ හැකි බව මෑතකාලීන පර්යේෂණවලින් සනාථ වී තිබෙනවා. එහිදී COVID-19 පැතිර ගිය සම්ප්‍රේෂණ සිදුවීම්වලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් රෝග ලක්ෂණ නොමැති පුද්ගලයන් ආශ්‍රිතව සිදුවී තිබෙනවා” ඔවුහු පවසති.
එසේම යමෙකු ආසාදනයෙන් තොර බව ඔප්පු කිරීමට පරීක්ෂණ මගින් උපකාරයක් කළ හැකි නමුත් එය ප්‍රමාණවත් නොවන බවද පෙන්වා දෙන ඔවුහු, කිසිඳු පරීක්ෂණයක් පරිපූර්ණ නොවන බවද පවසති. සියල්ලටම වෛරස ප්‍රමාණය හඳුනා ගැනීමේ යම් සීමාවන් ඇති අතර, වැරදි තොරතුරු ලැබීමේ විභවයක් පවතින බවද පෙන්වා දෙයි. ඊට අමතරව, පරික්ෂණයක ප්‍රතිඵලයක් එක් වරකට පමණක් නිරූපණය වන අතර, නිදර්ශක එකතු කළ මොහොතේ සිට පුද්ගලයෙකුගේ තත්ත්වය එහි දක්වන්නේ නැති බවද පෙන්වා දෙයි.
ඔවුන් සිය ලිපියෙන් අවසන් වශයෙන් පෙන්වා දෙන්නේ රෙදි මුඛ ආවරණයක් වුවද හොඳින් වැඩ කළ හැකි බවය. "ශල්‍ය මුඛ ආවරණයක් පැලඳ සිටීමේදී හුස්ම ගැනීමේදී වෛරසය වැගිරීම අඩුකළ හැකියි. ඒ වගේම රෙදි මුඛ ආවරණවල භාවිත කරන සමහර ද්‍රව්‍යවලද පෙරීමේ කාර්යක්ෂමතාව ශල්‍ය මුඛ ආවරණවලට ළඟාවිය හැකි මට්ටමක තිබෙනවා.” ඔවුහු වැඩිදුරටත් අවධාරණය කළහ.
- නරේන් විශ්වජිත් -
0 Comments