පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති නීතීඥ අජිත්රෝහණ මහතා අද දිනයේ උදෑසන කරුණු දක්වමින් පවසා සිටියේ අධිවේගී මාර්ගයේ ගමනාගමනය දැඩි ලෙස සීමා කළ බවයි.
අද අළුයම 12 සිට බස්නාහිර පලාතට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර විශේෂ පොලිස් කන්ඩායම් රැසක් මාර්ග බාධක රාජකාරී සඳහා යොදා ඇත.
ඊයේ දැනුම් දී තිබියදීත් ඇතැමුන් පළාතෙන් පිටවන්නට උත්සාහ දැරූ මුත් අද දිනයේ එවැනි තත්වයක් ඇති වන්නට ඉඩදී නැත.
කිසිමාකාරයක විශේෂ හේතුවක් නැතිව අධිවේගී මාර්ගයට ඇතුළුවීමට අවස්ථාව නැත. බස්නාහිර පළාතට පැමිණීම පිටවීම ගැන විශේෂ සැලකිල්ල දක්වා ඇත. දකුණු ප්‍රදේශයේ සිට එන අයට කුරුඳුගහ හැතැප්ම දක්වා පමණක් පැමිණිය හැකි ලෙස උපදෙස් දී ඇත. මේ ආකාරයට නීතිරීති පනවා ඇත්තේ රෝගය පාලනයටයි.
සංචාරණය සීමා කරන ලෙස ඉල්ලා සිටියි.
පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 24 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය කාලය තුළ වාහන 178 ක් අත්අඩංගුවට ගෙන ඇත.
සඳුදා උදේ 5 දක්වා පොලිස් බල ප්‍රදේශ 117 ක ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. (කුලියාපිටිය 5 ක් හා බස්නාහිර 112 ලෙස)
සඳුදා මෙම ඇඳිරි නීතිය ඉවත්වුවද ඉන් පෙර පනවා තිබූ පොලිස් වසම් 68 ක දිගටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.
0 Comments