
මොරටුමුල්ල, කුසගිනිවත්ත ප්‍රදේශයේ කාන්තාවට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරුවීමෙන් පසු ඇයත් සමග විවාහ උත්සවයකට සහභාගී වූ සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා විය.
මෙම තරුණිය ඊයේ දින විවාහ ගිවිස ගැනීමට නියමිතව සිටි අතර මංගල දිනයේ පාන්දර කොරෝනා ආසාදනය දැනගෙන තිබේ.
ඇගේ සමීපතමයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ වලින් තවත් 27 හැවිරිදි තරුණියකට ද වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ පෙරවරුවේ තහවුරු වූ බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.
මේ අතර කුලියාපිටිය චාලිවංගුව ප්‍රදේශයේ දේවස්ථානයක පැවැති මංගල උත්සවයක මනාලයාටද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව ප්‍රදේශයේ ගම්මාන තුනක් හුදෙකලා කර තිබෙන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙසේ හුදෙකලා කර ඇත්තේ ඌරුපිටිය, ගයියාල හා පල්ලේවෙල යන ගම්මාන තුනයි. කුලියාපිටියෙන් මෙතෙක් හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11කි.
Comments
Post a Comment
Your comment will be visible after approval